Daily News
Trending

රොනී ඩුබායි ගිය ඉක්මන..




තට්ටයා මම හිත හොඳ තට්ටයා…කියලා කිව්වම ලොකු කුඩා භේදයක් නැතුව හැමෝම දන්නවා මේ කියන්නේ කවුරු ගැනද කියලා. ඒ තමයි බොහෝම මිත්‍රශීලී රොනී ලීච්. ගීතයත් ඒ එක්කම ඔහු කරන රංඟනයත් නිසා වේදිකාවට රොනී නැතුවම බැහැ. රසිකයන් නොඉවසිල්ලෙන් තමයි රොනීගේ ගීතයක් අහන්න බලන් ඉන්නේ.

පසුගියදා රොනීට කාලෙකට කලින් මුහුණ දෙන්න වුන අකරතැබ්බියක් ගැන ඔහුගේ සමකාලීන මිත්‍රයෙක් වුන ඇනෙස්ලි මාලේවන මාධ්‍යට කියලා තිබුනා. ඒ තමයි මේ දෙන්නටම ඩුබායි ප්‍රසංගයකට යන්න ආරාධනාවක් තිබුණලු. ඉතින් මේ දෙන්නා ඩුබායි යන්න ගුවන්‍ යානයට ගොඩ වුනාම රොනී කිව්වලු, අනේ කලින් දවසේ රෑ නිදාගත්තේ නැහැ මට ඩුබායි වලට යනකම් ඇහැරවන්න එපා කියලා. දැන් රොනී නිදිලු. මේ අතරේ ගුවන් යානයේ එන්ජින් අවුලක් නිසා ගුවන් යානය නැවත හරවලා ලංකාවට ඇවිත් තියෙනවා. විනාඩි විස්සක් වගේ පොඩි කාලෙක තමයි මේක වෙලා තියෙන්නේ.

ගුවන් යානයෙන් හැමෝටම බහින්න කිව්වම ඇනෙස්ලි රොනීව ඇහැරවලා තියෙනවා. රොනී නැගිට්ට ගමන් කිව්වලු ෂා මරු මචන් හොඳ නින්දක් නිදා ගත්තා, හරි ඉක්මනට අපි ඩුබායි වලට ඇවිත්නේ කියලා. එතකොට තමයි ඇනෙස්ලි කියලා තියෙන්නේ නෑ නෑ රොනී අපි තවම ඉන්නේ ලංකාවේ කියලා. අන්න එහෙම තමයි රොනී විනාඩි විස්සෙන් ඩුබායි ගියේ.

Tags
Show More
Close