Daily News
Trending

රුවන්ව බයිට් කරන්න කියලා ශෙරිල්ගෙන් ඉල්ලීමක්.




අනේ ඇත්තට මෙහෙමත් බිරින්දෑවරු. තමන්ගේ ස්වාමිපුරුෂයාව බයිට් කරන්න කියලා ඉල්ලීමක් කලා කිව්වම හිතාගන්න පුළුවන්ද? බැරි වුණත් හිතාගන්නම වෙනවා. මේ වෙන කවුරුවත් නෙමෙයි ශෙරිල්. ශෙරිල් ඩෙකර්. දන්නවනේ ඔයාලා ශෙරිල්ව. ඒ තමයි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිය. රුවන්ගේ හැම සින්දුවකම වගේ සුන්දර පෙම්වතියට ඉන්නෙත් ශෙරිල්.

මොකක්ද එතකොට මේ බයිට් කරන්න කියපු කතාව. ශෙරිල්ට දවසක් දුරකථන ඇමතුමක් එනවා. ඉන්දියාවේ රූපලාවන්‍ය නිෂ්‍පාදනයක  සන්නාම තානාපතිනියක් හැටියට බඳවගන්න තමයි ඇමතුම එන්නේ. කවුද හත්දෙයියනේ ඒක බයිට් එකක් කියලා දන්නේ. ශෙරිල් හිතුවේ දීපිකා පදුකෝන් එක්ක එකට සන්නාම තානාපතිනියක් වෙන්න ලැබෙන අවස්ථාවක් කියලා.

කොහොමින් කොහොම හරි අන්තිමට ශෙරිල් දැනගන්නවා මේක ඉරාජ්ගේ බයිට් එකක් කියලා. මොනා කරන්නද ඉතිං. තරහාවෙන්නද? බෑනේ. ශෙරිල් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි රුවන්වත් ඔය විදියට බයිට් කරන්නකෝ කියලා ඉරාජ්ට කියනවා. ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කිව්වලුනේ. ඉරාජ් ඉතිං භාර්‍යාවගෙ අවසරයත් ඇතිවම රුවන්ව බයිට් කරන වැඩේ භාරගත්තා.

ඒ නිසා රුවන්ට තමයි අපි මේ අනතුරු ඇඟවීම කරන්නේ. ෆෝන් ආන්සර් කරන්නේ පරිස්සමෙන් රුවන්. මේක ගේ ඇතුලෙන්ම පර්මිෂන් ලැබුණ බයිට් එකක්. ඒ නිසා පරිස්සමෙන්.

Tags
Show More
Close