Daily News
Trending

රුවන්ගෙත් දැන් කෙලින් කතා ෂෙරිල් හින්දලු…




මුලින් මුලින් නම් හැම තැනම වගේ දකින්න හම්බ වුණු ෂෙරිල් ළඟකදි ඉඳලා දකින්න හම්බවෙන්නේ හරිම අඩුවෙන් එහෙන් මෙහෙන් වගේ තමයි. ඒ ඇයි කියන්න නම් අපි දන්නේ නෑ. සමහර විට මොකක් හරි problem එකක් වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් ඒ ගැන හොයලා බැලුවාම ෂෙරිල් කියන්නේ එයා අවුරුද්දකට සැරයක් වගේලු ඕනම වැඩකට සම්බන්ධ වෙන්නේ. මේ හින්දලු එහෙම හැමදාමත් හැමතැනම ෂෙරිල්ව දකින්න හම්බ වෙන්නේ නැත්තෙ. අනික එයා සල්ලි වලටම කියලා තියෙන තියෙන හැමදේම බදාගෙන වැඩ කරන්නෙත් නෑලු. එහෙම කරා නම් හැම නිර්මාණයකම වගේ ෂෙරිල්ව දකින්න තිබුණා කියලා තමයි එයා කියන්නේ.
ෂෙරිල් කියන්නේ කොහොමත් ෆීල්ඩ් එකේ Famous, කෙලින් වචන පාවිච්චි කරන නිළියක් විදියට. මොනවද කියන්න තියෙන්නේ මූණට දමලා ගැහුවා වගේ කියනවලු. ආයි ඉතින් කතා දෙකක් නෑ. මෙන්න මේ හින්දාමද කොහෙද රුවන්ගේ යාළුවන්ටත් රුවන් මේ දේවල් වේලාසනින්ම කියලාලු තියෙන්නේ. නැත්තං ඉතිං හිතාගන්න බෑනෙ මොනවායින් මොනවා වෙලා කොහොම ගිනි ඇවිලෙයිද කියලා.
අපි කොහොමත් දන්න කතාවක්නේ ෂෙරිල්ගේ හස්බන්ඩ් රුවන් කියන්නේ සද්ද බද්ද නැති චරිතයක් කියලා. සමහර වෙලාවට කට අරින්නෙත් සිංදුවක් කියන්න විතරමයි වගේ තැනක තමයි රුවන් එයාගේ ලයිෆ් එක ගෙවන්නෙ. රුවන් එහෙම නිහඬ පිළිවෙතක ඉන්නකොට ෂෙරිල් නම් ඉතින් එහෙම නෙවෙයි. බලාගෙන ගියාම දෙන්නා දෙවිදියක් වුණත් ඒකත් මරු කියලා තමයි සමහර වෙලාවට කියන්න තියෙන්නෙ. ඉතින් දැන් ඇත්තටම රැවන් එදා වගේම තාමත් සද්ද නැතුව ඉන්න චරිතයක් කියලාද ඔයාලා හිතන් ඉන්නේ. ඒත් එයා දැන් එහෙම කෙනෙක් නෙවෙයි. එහෙම කියන්නේ අපි නෙවෙයි ෂෙරිල්ම තමයි. රුවන් යාලුවන්ට ෂෙරිල් ගැන කියලා තියෙන්නේ කියන දේ මූණටම කියන බබා වගේ ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ඔන්න ෂෙරිල් කියන්නෙ නම් රැවන් දැන් ඉස්සර වගේ නෙවෙයිලු. පාඩුවේ හිටියාට දැන් දැන් රැවනුත් ෂෙරිල්ගෙන්ම ඉගෙන ගෙනද කොහෙද කියන්න තියෙන දේවල් ලෙසටම, කෙළින්ම මූණටම කියලා දානවලු. කොහොමද වැඩේ.. ඔන්න ඕක තමයි කියන්නේ wifeට පුළුවන් කියලා husbandව උනත් වචනෙකින් හරි වෙනස් කරන්න.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close