
සනී ලියෝන් පහුගිය දවසක හදිසියේම අසනීප වෙනවා. හොඳ වෙලාවට සනී ලියෝන් අසනීප වෙද්දි එතැන බොහෝ පිරිසක් ඉඳලා තියෙනවා.
මේ විදියට සනී ලියෝන් හදිසියේ අසනීප වෙන්නෙ MTV සැටලයිට් රූපවාහිනී නාලිකාවේ විකාශය වන ජනප්‍රිය රියැලිටි වැඩසටහනකට සහභාගී වෙලා ඉන්න අතරේදි. සීප්ලිස්විල්ලා නමින් තමයි මේ රියැලිටි වැඩසටහන හඳුන්වන්නෙ.
සීප්ලිස්විල්ලා හි එකොලොස්වැනි රියැලිටි ශෝ එකට අදාල රූගත කිරීම් වලට සම්බන්ධ වී සිටියදි තමයි සනී මේ විදියට අසනීප වෙලා තියෙන්නෙ. ඉතිං ඊට පස්සේ මේ වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම වහාම සනීලියෝන්ව රෝහල්ගත කරනවා. රෝහලේ වෛද්‍යවරයාගේ නිගමනයට අනුව බොහෝ විට සනීලියෝන්ට වැලඳිලා තියෙන්නෙ වෛරස් උණ රෝගයක්. ඒ නිසා සනීප වෙනකල් සනීට ටිකක් රෙස්ට් කරන්න වෙයි.