Daily News
Trending

රිතූ කෙටූ ටැටූ..




රිතූ ආකර්ශාගේ දකුණු උරහිසේ අඟල් තුන හතරක් දිග ටැටූ එකක් තියෙනවා. ඉතිං මේ ටැටූ එකේ කතාව ඉස්සරහට කොහොමත් හැමෝටම දැන ගන්න ලැබෙයි. ඇයි ඉතිං කාටත් පේන්නනේ ටැටූ අඳින්නේ . අනික උරහිසේ ඇන්දම ගොඩක් විලාසිතාවලට ටැටූ එක නිරාවරණය වෙනවනේ.

රිතූ ටැටූ එක අඳින වීඩියෝවක් ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමට එකතු කරලා තියෙනවා. ටැටූ ගහද්දී රිදෙනවද කියලා හුඟක් අය අහනවනේ. ඒත් රිතූ නම් ඉන්නේ එහෙම රිදෙන බවක් නොපෙන්වා හරිම සැහැල්ලුවෙන්.

ඉතිං අවසානයේ රිතූ එයාගේ උරහිසේ ඇඳපු ටැටූ එකේ පින්තූරයකුත් ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමට එකතු කරනවා. මොකක්ද දන්නවද රිතූ උරහිසේ කොටාගෙන තිබුණේ?  ” sii leroina della vita” මෙන්න මෙහෙම මොකක්දෝ භාෂාවකින් ලියවෙච්ච වාක්‍යයක්. රිතූගේ ටැටූ එකට ලැබුණ කමෙන්ට්ස්වල නම් තිබුණේ මේ කියන්නේ තමා තුලින්ම වීරවරියක් වන්න කියන අදහස කියලයි.

රිතූ රියැලිටි වේදිකාවේ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙත් කැපී පෙනෙන ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන තිබෙනවා. තවම ලොකු වයසකුත් නැති නිසා ඇයට දුර ගමනක් ඉතිරි වෙලත් තියෙනවා. ඒ නිසා ඇය තුලින්ම වීරවරියක් සොයාගැනීමට අපහසු වෙන එකකුත් නැහැ.

ටැටූ එක ගහ ගත්තට වැඩක් නැහැනේ ඉතිං. ඒ විදියට වැඩ කරන්නත් ඕනේ. රිතූ ඒක දැන ගෙන වෙන්න ඇතිනේ මේ ටැටූ එක ගහ ගන්න ඇත්තේ. ඉතිං අපි ඇයගේ ඒ ගමනට ආශිර්වාද කරනවා.

Tags
Show More
Close