Daily News

රාවණාගේ අම්මත් ලෝයර් කෙනෙක් වෙන්නලු ගියේ – අනුරාධා එදිරිසිංහ




සමහර වෙලාවට එකම විදියේ කතා TV එකේ බලන්න තියෙනවා කියලා තමයි සමහරුනම් කියන්නේ. ඒ ඉතින් TV බලන අයම කියන කතා මිසක් වෙන අයගේ කතා එහෙම නෙවෙයි. ඉතින් එකම විදියේ කතා අතරේ එක විදියක කතාවක් මීට ටික කලකට ඉස්සෙල්ලා පටන් ගත්තා. ගොඩක් වෙලාවට නම කියපු ගමන් දන්නවා වගේ හිටියට කවුරුත් ඉතින් මහා ලොකුවට ඒ කතාව දන්නෙත් නෑ. කතාවේ නම නම් රාවණා. ඔවු ඒකනම් මාර කතාව නේද කියලා සමහරු නම් කියයි. කොහොම වුණත් මේ ඩ්‍රාමා එක බලනකොට නම් දන්නා කියන අය ගොඩක් ඉන්නවා කියලා පේන්නනම් තිබුනා.කොහොම හරි එහෙම දන්නා කියන කෙනෙක් තමයි රාවණාගේ අම්මා. එහෙම කිව්වම ඉතින් ටිකක් කරකවල අතෑරියා වගේ නේද. එහෙම කිව්වට රාවණාගේ අම්මමත් නෙවෙයි. අම්මට ඉන්න අනුරාධාව තමයි ගොඩක් දෙනෙක් එහෙම දන්නා කියන කෙනෙක් විදියට අදුනගත්තේ.

අනුරාධා කියන විදියට මේ ඩ්‍රාමා එකලු මෙයාට ප්‍රදාන චරිතයක් කරන්න හම්බවුන මුල්ම ඩ්‍රාමා එක. මීට ඉස්සෙලා රගපාන්න චාන්ස් එක තිබුනත් එහෙම එකක් කරන්න හම්බවෙලා නෑලු. මේ නිසා ගිය අවුරුද්දේ කිසිම ටෙලියක් බාර ගන්නේ නැතුව මේ ඩ්‍රාමා එක වෙනුවෙන්ම කැපවෙලා හිටියා කියල තමයි අනුරාධා කියන්නේ. රාවණා ඩ්‍රාමා එක නිසා වෙන කවදාටත් වඩා ප්‍රතිචාර අනුරාධාට ලැබුනලු. ඒ වගේම තමයි එක ලොකු අභියෝගයන් වුනා කියලත් අනුරාධා කියලා තියෙනවා. එත් ඉතින් මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවනේ පොඩිකාලේ ඉඳන් අපි මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා. හොඳම වැඩේ කියන්නේ ගොඩක් දෙනෙක් එහෙම හිතුවට ඒ දේවල් හැමෝටම එහෙම වෙන්නේ නෑ. අනුරාධාගේ පොඩිම කාලේ හීනේ වෙලා තියෙන්නේ ලෝයර් කෙනෙක් වෙන එකලු. ඒත් ඉතින් අන්තිමට ලෝයර් කතා පැත්තක දාලා නිලියක් වෙන්නලු මෙයාට සිද්දවුනේ. බලාගෙන ගියාම වෙලා තියෙන්නේ රාවණාගේ අම්මත් ලෝයර් කෙනෙක් වෙන්න ගියා වගේ වැඩක් තමයි..

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close