
ආදිත්‍ය චොප්රා සමඟ විවාහ වීමත් සමඟම රානි මුකර්ජි සිනමා රංගනයෙන් ඉවත් වෙලා වගේ තමයි හිටියේ. ප්‍රිය සම්භාෂන වලට සහභාගි වුනත් රානි බොලිවුඩයට ඒ තරම් සම්බන්ධ වෙලා වැඩකටයුතු කලේ නැහැ.
දීර්ඝ කාලයකට පස්සේ රානි රංගනයෙන් සම්බන්ධ වෙන්නේ හිච්කි චිත්‍රපටයට. වසර හතරකට පස්සේ තමයි ඇය මේ විදියට චිත්‍රපටයකට සම්බන්ධ වෙලා තියෙන්නේ. යම්කිසි රෝගයකින් පිඩා විදින පාසල් ගුරුවරියකගේ චරිතයකට තමයි රානි පෙනි සිටියේ .කොහොම වුනත් මේ වෙනකොට මේ චරිතය නිසා ඇයට බොහෝම වාසනාවන්ත කාලයක් උදාවෙලා කියලා තමයි කියන්නෙ.
ඕස්ට්‍රේලීයාවේදි ඇයට මේ සිනමාපටය නිසා හොඳම නිලිය සම්මානය ලැබෙනවා. ඇය කියන විදියට මේ ඇගේ දියණිය ලැබීමෙන් පස්සේ ඇයට ලැබෙන පලවෙනි සම්මානෙ. මේක ඇයට බොහොම වාසනාවන්ත කාලයක් කියලා තමයි රානි කියලා තිබුනෙ.