Daily News
Trending
රාජපක්ෂ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුතෙක් බලාපොරොත්තුවෙන් සිටින ජනප්‍රිය නළුවා කවුද?

රාජපක්ෂ පරම්පරාව ඉස්සරහට අරගෙන යන්න පුතෙක් බලාපොරොත්තුවෙන් සිටින නළුවෙක් ගැන ඔයාලා දන්නවද? අපි දන්න රාජපක්ෂ පරම්පරාවේ නළුවෙක් හිටියද?? කියන්න බෑනේ පවුල් බලේ කියලානේ රාජපක්ෂලාට වැඩිපුරම චෝදනා ආවෙත්. කොහේ හරි හිටියා වෙන්න බැරිත් නැහැනේ.
කොහේ හරි නෙමෙයි මේ ලංකාවේ එහෙම රාජපක්ෂ කෙනෙක් ඉන්නවා. පහුගිය දවස්වල එයාලා හිටියේ ලංකාවේ නෙමෙයි. ඉගෙනගන්න වැඩ නිසා තමයි එයාලා ලංකාවෙන් පිට හිටියේ. හදිසියේම මේ රාජපක්ෂ යුවල ලංකාවට ආවා. ඒ ආවම තමයි මේ කතාව ලීක් වුණේ.
ඔයාලා හොඳින්ම දන්න රාජපක්ෂ කෙනෙක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ මේනක රාජපක්ෂ. ඔහුගේ ප්‍රියම්බිකාවත් ඔයාලා හොඳින් දන්නවානේ. ඇය නෙහාරා. ටික දවසකට ලංකාවට ආපු මේනකයි නෙහාරයි යන්න කලින් කියපු කතාවක් තමයි මේ.
මේනකයි නෙහාරායි විවාහවෙලත් දැන් අවුරුදු කීපයක් ගතවෙලා. ඉතිං දරුවෙක් හිටියා නම් දැන් හොඳයි තමයි.
මේනක නම් කැමති එයාගේ රාජපක්ෂ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් පුතෙක් ඉපදෙනවට. මොකද මේනකගේ තාත්තගේ පවුලෙත් එකම පිරිමියා එයාගේ තාත්තා විතරයි. මේනකගේ පවුලෙත් එකම පිරිමි කෙනා මේනක විතරයි. ඒ නිසා රාජපක්ෂ නම ඉස්සරහට ගෙනියන්න නම් මේනකට පුතෙක් ඉන්නම ඕනෙ. හැබැයි ඉතිං නෙහාරා නම් ඒකෙ අනික්පැත්ත කියලා තමයි අපිට ආරංචි. එයා ආස දුවෙක්ටලුනේ.
කොහොම හරි කමක් නෑ මේනකයි නෙහාරයි අම්මලා තාත්තලා වෙලා ලංකාවට ආවම අපි ඒ ගැන කතා කරමු. තවම නම් ඒ අය ඒවා හිතලා නැහැ මං හිතන්නේ. ඉක්මනින්ම එයාලා ලංකාවට ආයෙ එනවලුනේ. ඒ ආවම ආයේ රංඟන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා කියලා තමයි කියන්නෙ. ඒ ගැන නම් සතුටුයි.