GossipsHollywood & Bollywood
Trending

රාජකීය සපත්තු.Exclusive Photos

British Royal Family




British Royal Family Exclusive from Starfriends.lk

සපත්තු කිව්වම පයට පෑගෙන දෙයක්නේ. හැබැයි මේ සපත්තු පෑගෙන්නේ නම් දූවිලි තැවරුණ කකුල්වලට නෙමෙයි. විල්ලුද වගේ ඇතිරිලි උඩ, සුඛෝපභෝගී වාහනවල ඇවිදින පාදවලට පළන්දන සපත්තුවක් වුණත් සැපයි කියලා කාට හරි හිතෙන්න පුළුවන්. බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් ලෝකය පුරා සුවිශේෂී අවධානයක් එල්ලවෙනවානේ. ඉතින් මේ රජ පවුලේ පාවහන් ගැන දැනගන්නත් ඔයාලා කැමැති වෙයි කියලා අපි හිතුවා. ඩේලි මේල් වෙබ් සඟරාවෙන් තමයි මේ අපූරු විස්තර හෙළිකරලා තිබුණේ. ඒ ලිපියෙන් පෙන්වාදීලා තිබුණේ රජ පවුලේ රාජකීය උදවිය පාවහන් තෝරා ගැනීමේදී සළකා බලන සම්ප්‍රදායික කාරණා ගැන. සම්ප්‍රදායිකයි කියන්නේ ඉතින් හරිම ඒකාකාරියි කියන එකම තමයි. මේ පවුලට අලුතින් එකතුවුණ රංඟන ශිල්පිනී මේගන් කුමරියට නම් මේ සම්ප්‍රදායන් රකින්න පුළුවන් වෙයිද කියන්නත් අමාරුයි. මොකද ඇය විලාසිතා ගැන දන්න කෙනෙක්නේ.

ඩේලි මේල් කියන විධියට එළිසබෙත් මහ රැජන අවුරුදු පනහක් තිස්සේ පාවිච්චි කරන්නේ එකම එක බ්‍රෑන්ඩ් එකකට අයිති සපත්තු විතරයිලු. Anello & Davide කියන්නේ අන්න ඒ රාජකීය සපත්තු බ්‍රෑන්ඩ් එක.

මේගන් කියන්නේ හොලිවුඩ් තාරකාවක් නිසා ඇය පාවහන් විලාසිතා බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයක් කියලා අපි මුලින්ම ඔයාලාට කිව්වානේ. ඒත් ඉතින් මොනවා කරන්නද? රජ පවුලට එකතු වුණාට පස්සෙ ඇයත් ගොඩක් දුරට එකම ආකාරයේ පාවහන් පළඳින්න හුරැවෙලාලු. මේගන් කුමරියගේ ප්‍රියතම පාවහන් වර්ගය වන්නේ, ඉතාලියේ Aquazzura සමාගමේ පාවහන්. රාජකීයයන් කොයිම වෙලාවකවත් පා ඇඟිලි පිටතට පෙනෙන ආකාරයේ පාවහන් පළඳින්නේ නැහැලු. ඇඟිලි පෙනෙන සේ පාවහන් පැළඳීම අක්‍රමවත් විලාසිතාවක් ලෙස ඔවුන් අදහස් කරනවා.

කේට් කුමරියගේ පාවහන් ගැන කියනවා නම්, Gianvito Rossi කියන වර්ගයේ පාවහන් යුවල ඇගේ ප්‍රියතම පාවහන් ලෙස සැළකෙනවා. රෝස පැහැයත් පීච් පැහැයත් අතර පැහැයකින් යුත් මේ පාවහන් ඈ නිතරම පැළඳ සිටින අයුරු දකින්න පුළුවන්.

බ්‍රිතාන්‍ය රැජන අවුරුදු පනහක් තිස්සේ පළඳින ලන්ඩනයේ Anello & Davide පාවහන් ඈ වෙනුවෙන්ම නිර්මාණය කෙරෙන පාවහන් විශේෂත්වයක්. උසස්ම ගව හමින් සාදන මේ සපත්තුවේ පිත්තල ගාංචුවක් හෝ පිත්තල බෝ එකක් යොදා හැඩකර තිබෙනවා.

රජ පවුලේ සාමාජිකයන් විවිධ ඇඳුම් විලාසිතා කළත් අලුත්ම පාවහන් විලාසිතා තෝරා නොගන්නේ එයින් තමන්ගේ නිහතමානීත්වය ප්‍රකාශ කිරීමට කියලා සමහරු කියනවා. තවත් සමහරු කියන්නේ තමන්ගේ අරපිරිමැස්ම ලෝකයට පෙන්වන්න හොඳ සාධකයක් විදිහට පාවහන් විලාසිතාව පාවිච්චි කරනවා කියන කතාව. ඒ කොයි දේ වුණත් උසස් ප්‍රමිතියෙන් යුතු මේ රාජකීයයන් පළඳින පාවහන් ඔවුන්ගේ දෙපාවල පහසුවට මුල්තැනක් දෙමින් පළඳින බව ගැන නම් සැකයක් නැහැ. අනික ඉතින් ඒ පාවහන් මිලෙන් අධික සහ සුවපහසුවෙන් අධික ඒවා බවත් කියන්නම එපැයි.

British Royal Family Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close