
Anushka Udana Exclusive from Starfriends.lk
රස්තල කිව්වම ඒකෙ අහු කොන්, පද පේලි වැට මායිම්, සීමා වැට කොටු ගැන කාටවත් කිය කිය ඉන්න උවමනාවක් නෑ. මොකද ඒක වෙනම කතන්දරයක් නිසා. ඒ කතාව එහෙමම තිබුණුදෙන්. ඒක නිසා දැන් අපි කතා කරමු වස්තිලා ගැන. ම්..ම්..ම්…වස්තිලා ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නැති වෙයි කියල තමයි අපිට නම් හිතෙන්නේ. මොකද යූටියුබ් බලන හැමෝටම වස්තිලා කියන්නේ අමුත්තක් නෙවෙයි. විල්පත්තුව කැපුවද වස්තිලා වීඩියෝ එකක් අවුට් කරලා ඇති,. අවුරුදු උත්සවයක් ද වස්තිලා වීඩියෝ එකක් අවුට් කරලා ඇති, ටැලන්ට් ෂෝ එකක් ද සැරටම ගහලා වස්තිලා වීඩියෝ එකක් අවුට් කරලා ඇති. අන්න එහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ.
ඉතින් කොහොම වුණත් අප්‍රේල් 21 ප්‍රහාරයක් එක්කම ලංකාවේ සිදු වුන හැම දෙයක්ම අවුල් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ . ඉස්කෝල වැහෙන්න පටන් ගත්තා, බෝම්බ තැන් තැන්වලින් මතුවෙන්න පටන් ගත්තා ,tourism අවුල් වෙලාම ගියා , එතන හිටිය මිනිස්සුන්ට පාරට බහින්න සිද්ධ වුණා. හිතුවෙවත් නැති වුණ වෙලාවක මුළු ලංකාවම ස්ටක් වුණා කිව්වොත් එකේද වැරැද්දක් නෑ
ඔන්න ඔතනදි සේරම අවුල් වෙද්දි කලා ක්ෂේත්‍රයටත් ඒක සැරටම බලපෑවා. ෆිල්ම්ද, මියුසිකල්ද අරවද මෙව්වද සියල් සපිරි හැම දෙයක්ම පැටලෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක තමයි ආර්ටිස්ලටත් මේවා සැරටම දැනෙන්න පටන් ගත්තේ. හිතන්නකෝ බාර අරගෙන තිබ්බ shows සට පට ගාලා බට පදුරැ යායට ගිනි ගත්තා වගේ කැන්සල් වෙන කොට කොහොමද කියලා . ආය ඉතින් කතා දෙකක් නෑ හැමෝම අනාථයි.මේ සිදුවීම වස්තිලාටත් බලපෑවා. මේකේ වැඩිම හානියක් සිද්ධ වුණේ වස්තිලාගේ අනුෂ්ක උදානට. මොකද අනුෂ්ක මේ වෙනකොට shows වලටත් යන්න පටන් අරන් තියෙන්නේ. ඒත් අනුෂ්ක නම් කියන්නේ කරන්න පටන් ගත්ත හැම දෙයක්ම හිතුවෙ නැති විදියට වෙනස් වුණා කියලා. බලන්නකෝ අනුෂ්ක තවත් මොනවද කියන්නේ කියලා.
අනිවාර්යෙන්ම මේ රටේ පාලකයන් නම් වෙනස් වෙන්නම ඕන. අනිත් එක මිනිස්සුන්ගේ ආකල්ප ටිකත් වෙනස් වෙන්න ඕන. දැක්කද කොට්ටව ප්‍රවාහන මධ්‍යස්ථානයට කරලා තිබුණ හරිය. හදලා සති දෙකක් ගියේ නෑ බුලත් කෙළ ගහලා අරවා දාලා මේවා දාලා හැම තැනම චාටර් කරලා තිබුණේ. එහෙම මිනිස්සු ඉන්න රටක් මේක.එතකොට කොච්චර හොඳ දේවල් දුන්නත් ඒක තියාගෙන ඉන්න බැරි ජාතියක් ඉන්නෙ. දේශපාලන පක්ෂ උඩින් තියාගෙන මරාගන්න මිනිස්සුත් එක්ක මේ දේවල් කරන්න බැහැ මුලින්ම මිනිස්සුන්ගෙ ආකල්ප තියෙන්නෙ ඕන රට ගැන. නැතුව රටේ අවුලක් නෑ .අපේ රටේ මිනිස්සුන්ගෙ ජාතික හැඟීමක් නැති නිසා මේ වගේ ප්‍රශ්න වලට මේ වගේ දේවල් වලට මිනිස්සු ඉක්මනින්ම අහුවෙනවා . සරලව කියනවා නම් ඒක තමයි මේ වෙලා තියෙන්නේ.
කලාකරුවා කියන දේ පැත්තකින් තියලා කතා කරමුකෝ . මට වුණු ලොකුම ඛේදවාචකය තමයි බෝම්බ ගැහුවාට පස්සේ තිබුණු ෂෝ ටික ඔක්කොම cancel වුන එක. මම entertainer කෙනෙක්. මම කරන වීඩියෝ බලන්නවත් ආතල් ගන්නවත් මිනිස්සුන්ට වාතාවරණයක් තිබුනේ නැහැ. මේ තත්ත්වයත් එක්ක.
අපේ රටේ මැණිකක්.අපේ රටට හානියක් වෙනව දකින්න කැමති ඕන තරම් අය ඉන්නවා. අනික සංචාරකයන්ට එන්න හොඳම රට කියලත් නම් කරලා තිබුණේ අපේ රට. ඇවිල්ලා ගන්න වගේම බලන්නත් ඕන තරම් දේවල් තියෙනවා. හොඳ මිනිස්සු ඉන්න කාලා බීලා ඉන්න රටක් මේක. මේ දේවල් වුණාට පස්සේ ජීවත් වෙන්න විදිහක් නෑ. ලීසිං හොයාගන්නවත් නෑ. වැඩ නැති නිසා ඒක මට දරුණුවටම බලපානවා. අර entertainer කියන කෑල්ල කරගන්න බැරි නිසා. මේක පාර වඩේ විකුණන මනුස්සයාට පවා දැනිලා තියෙන්නේ. මේවට පැහැදිලිව වග කියන්න ඕන දේශපාලකයා. පිටරටක නම් මේ වගේ දෙයක් උනාම පාලකයෝ ඊළඟ මොහොතේ මං වෙනවා
ඉතින් කොහොමද බලන්නකෝ IS ,නිසා අනුෂ්කට වැටිලා තියෙන කේස් ටික. මෙන්න මේ හින්දම අනුෂ්කට දැන් තවත් ටිකක් රේස් වෙලා ඉන්නේ.
Anushka Udana Exclusive from Starfriends.lk