GossipsHollywood & Bollywood
Trending

රවීනා තන්ඩන් දිවියෙක්ව දරුකමට අරගෙන.




රවීනා තන්ඩන් දිවියෙක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 1.2 වියදම් කරලා කියලා පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉතින් දිවියකුගේ සම්පූර්ණ වටිනාකම ඒක වෙන්න බැහැනේ. මේ නිවුස් එක පළ වුණාට පස්සේ ඇත්ත සිදුවීම මාධ්‍යයට කියන්න රවීනා තන්ඩන්ට සිදු වෙනවා.

ඉන්දියාවේ සංජේ ගාන්ධි නැෂනල් පාර්ක් එකේ සිටින දිවියන් සහ සිංහයන්ව නඩත්තු කරන්න යන වියදම දැරීම අසීරු තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා මේ සතුන්ගේ භාරකාරත්වය බාහිර පුද්ගලයන්ට පවරන්න පාර්ක් එකේ බලධාරීන් පියවර ගන්නවා. කාට හරි කෙනෙක්ට කැමැත්තක් තියෙනවා නම් දිවියෙක්ගේ හෝ සිංහයෙක්ගේ භාරකාරීත්වය ගන්න පුළුවන්. මේ භාරකාරිත්වය පිරිනැමෙන්නේ වසරකට. ඊට පස්සේ ඒ සතාට වසරක් සඳහා වැයවන වියදම ඒ භාරකරුවා විසින් දරනු ලබනවා.

රවීනාගේ දරුවන් වන රාශා සහ රන්බීර් කියන්නේ සතුන්ට හුඟාක් ආදරය කරන දෙන්නෙක්ලු. ඉතින් ඒ දෙන්නා එයාලගේ බැංකු පොත්වල තිබුණ සල්ලි අරගෙන තමයි දිවියා වෙනුවෙන් මේ විදියට වියදම් කරන්න භාරගන්නේ. පාරේ ඉන්න පොඩි පූස් පැටියෙක්, බලු පැටියෙක් දැක්කත් මේ ළමයි ඒ සත්තුන්ට උදව් කරන්න පෙළඹෙනවාලු.

ඉතින් රවීනා මේ දිවියාගේ භාරකාරත්වය ගන්න ගමන් හැමෝටම කියන්නේ ඉතාම වටින කතාවක්. කාගේවත් පිහිටක් නැති අසරණ සතෙකුට පිහිට වෙන්න ඔයාලටත් පුළුවන්. සංජේ ගාන්ධි නැෂනල් පාර්ක් එකේ සිංහයෙක්ගේ හෝ දිවියෙක්ගේ භාරකාරිත්වය ගන්නත් පුළුවන්. ඒක පුරවැසි යුතුකමක්. හැමෝටම එහෙම පරිත්‍යාගශීලී වෙන්න බැහැනේ.

Tags
Show More
Close