
රයිනි චාරුකා දැන් ලස්සනට කෙල්ලක් වගේ හිටියට මොකද ඉස්සර එහෙම නෑ. රයිනි කෙල්ලොන්ට වැඩිය ළං වෙන්න කැමති නෑලුනෙ. ඒකටත් එක්ක කොල්ලොන්ට නම් ළං වෙනවා. මේ නිසා රයිනිට ඉස්සර වැඩියෙන්ම ඉඳලා තියෙන්නෙ කොල්ලො යාළුවො. ඉතිං කවුරු හරි කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හිත ගියොත් ඒ කෙල්ලව සෙට් කරලා දෙන්න කියන්නෙ රයිනිට ලු. කෙල්ලො ගැන විස්තර හොයලා දෙන්න කියන්නෙත් රයිනිට ලු. රයිනිත් ඉතිං කොල්ලො කෙල්ලො යාළු කරන වැඩවලට පැනගෙන හෙල්ප් කරලා. කෙල්ලොන්ගේ විස්තර එහෙම හොඳට හොයලා දීලා. පොඩිකාලෙ රයිනිගේ කණ විදලත් නෑ. කොටින්ම රයිනි ආස වුණේ වාහන ගලවලා හයිකරන වගේ වැඩවලට මිසක බෝනික්කන්ට නම් නෙමෙයි. මේ සේරම කාලයක් යද්දි වෙනස් වෙනවා. දැන් රයිනි කියන්නෙ සුන්දර යුවතියක්නෙ.