Daily News
Trending

රන්ධීර් බුදුදහම හදාරයි. ඊට පස්සේ මොකද වෙන්නෙ?




රන්ධීර් පහුගිය දවස්වල අපි දැක්කේ ස්ටාර් සිටි වේදිකාවෙදි. අවසන් මහා තරගයෙදි රන්ධීර්ලට අනුශූරතාව හිමි වුණා. මේ කියන්න හදන්නෙ රන්ධීර් ගැන වෙනස්ම කතාවක්. රන්ධීර් කියන්නෙ භාතිය- සන්තුෂ් , අශාන්ති කියන කුලකයේම තවත් කෙනෙක්. එහෙම නැත්නම් ඒ මල් පොකුරෙම තවත් මලක්. ඉතිං රන්ධීර්ගේ ගායනය ගැන අපිට කියන්නම දෙයක් නැහැ. ඔහු දක්ෂ තරුණයෙක්. රන්ධීර් උපතින්ම කතෝලික භක්තිකයෙක්. ඒත් දවසක් රන්ධීර්ට අන්ත්රජාලය ඔස්සේ බුදුදහම ආශ්‍රිත ලිපියක් කියවන්න ලැබෙනවා. ඒ ලිපියේ අන්තර්ගත වෙලා තිබුනේ අනිත්ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ගැන. ඉතිං රන්ධීර් ඒ වෙලාවෙ කල්පනා කරන්න ගන්නෙ මේ කියන දේවල් අපේ ජීවිතයට කොයි තරම් බද්ධ වෙලා තියෙනවද කියන කාරණය. බුදුදහමෙන් විග්‍රහ කරන දේවල් කොයිතරම් දුරට සත්‍යක් ද කියලා රන්ධීර්ට තේරුම් යන්න පටන් ගන්නවා. ඊට පස්සෙ බෞද්ධ දර්ශනය ගැඹුරින් හදාරන්න ඕනෙ කියලා රන්ධීර් තීරණය කරනවා. මේ අධ්යනය කොයිතරම් දුරකට කරාවිද කියන්න දන්නෙ නැහැ. කොහොම වුණත් හැම ආගමකම තියෙන වටිනාකම් ටික එකතුකරගන්න එකත් ගොඩක් වටිනවා. ඒ අතින් බැලුවම රන්ධීර් කියන්නෙ දක්ෂ වගේම වටින තරුණයෙක්.

Tags
Show More
Close