Daily News
Trending

රඟපෑ මුල් ටෙලියෙන්ම ඖෂානි ජාත්‍යන්තරයට යයි.

Oushani Rathnayake




Oushani Rathnayake Exclusive from Starfriends.lk

ලංකාවේ ඉන්න කලා රසිකයෝ කොහොමත් හැමදාමත් ඉන්නේ රූපවාහිනියත් එක්ක. මොකද ඕනම වෙලාවක හරිම පහසුවෙන් තමන්ට ඕන කරන වැඩසටහන බලාගන්න ඉඩක් ලැබෙන හින්දා. මේ අතරින් ගොඩක් දෙනෙක් රසවිදින්න බලන්නේ ටෙලිනාට්‍යය. උදේ දවල් රෑ කියලා නෑ ඕනම වෙලාවක ටීවී එක දාල චැනල් එකක් එහෙට මෙහෙට මාරු කරාම ටෙලිනාට්‍යයක් අල්ල ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඒත් ඉතින් හැමදාමත් වෙලාවට පුරුද්දට වගේ ටෙලි ඩ්‍රාමා බලන අයත් ඉන්නව. අන්න ඒ අයට නම් තමන්ගේ හිතේ ලැගුම් ගත්ත චරිත ඉන්නවනේ. ඒ අය කැමතිම දේ තමයි එයාලා කැමති නළුවගේ නිළියගේ පෞද්ගලික විස්තර, ගොසිප් කෑලි, අඳින්නේ මොනවද, කන්න බොන්න ආස මොනවද, ගෙදර උයනවද වගේ දේවල් දැන ගන්න එක. ඒ තරම් ඉවසිල්ලක් නෑ. ඉතින් අපි මේ කියන්න හදන්නේ ඒ වගේ කෙනෙක් ගැන දැනගත්ත පුංචි විස්තරයක්.

ඔයාලා හොඳටම දන්න කතාවක්නේ දවසින් දවස අලුත් අලුත් චරිත ෆීල්ඩ් එකට එනවා කියලා. ඒ වගේම තමයි ආව වගේම සමහරු යනවා දන්නෙත් නෑ. ඒත් හිතට වදින කතාවක් ඇතුලේ හැඩකාර චරිතයක් හිටියොත් නම් ඕනම කෙනෙක්ගේ හිත එතන නතර වෙනවා. ඉතින් මේ දවස් වල දකින්න ලැබෙන ජනප්‍රිය නාට්‍යයක් තමයි තෝඩු කියන්නේ. තෝඩුවල අපි මේ කතා කරන්න චරිතය තමයි අමා. අමා ඉන්නෙ බොරලැස්ගමුවේ නොවුනට ඖශානි ඉන්නේ නම් ඉන්නේ බොරලැස්ගමුවේ. ඉතින් මේ දවස්වල අමා කියන්නේ ජනප්‍රිය චරිතයක්. ජනප්‍රිය තරමට ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ඖෂානි නම් කියන්නේ. ඒ අතරම එයාට තෝඩු නාට්‍යය කරන අතරතුරේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෑහෙන සහයෝගයක් ලැබෙනවා කියලාත් ඖෂානි කියලා තිබ්බා.

කොහොම වුණත් අපි දන්නේ නැහැනේ නේද ඉතින් මෙයාල රඟපාන්න එනකොටයි, රඟපාල ගෙදර ගියාමයි ගෙදර ප්‍රතිචාර එහෙම කොහොමද කියලා. ඒක මෙහෙමයි ඖෂානිගේ ගෙදර අය නම් මෙයා රඟපාන්න එන මුල්ම කාලෙදිත් අකමැත්තක් නම් ප්‍රකාශ කරලා නෑ. එයාලා විවෘත විදිහට හිතන පතන පිරිසක් කියලා තමයි කියන්නේ. ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරමින් ඉන්න ඖෂානි කොහොමහරි දැන් ඇවිත් නතර වෙලා ඉන්නේ කලා ක්ෂේත්‍රය ඇතුලේ. ඒ වුණත් කැම්පස් වැඩයි ඩ්‍රාමා වැඩයි දෙක පටලවා ගන්නේ නැතුව කරගෙන යන්න අපි මේ කතාකරන ඖෂානි රත්නායක සමත් වෙලා තියෙනවා.

ඔන්න කොහොම වුණත් තෝඩු නාට්‍යයේ අමාට දැන් දැන් එහෙන් මෙහෙන් මංඟල මල්දම් කැරකෙනවා කියලා ආරංචියක් ආවා. ඒකත් වැරදි නෑ. ලස්සන කෙල්ලෙක් උනාම ඉතින් මේ වගේ දේවල් වෙන එක නෝමල් දෙයක්නේ. මේ ගැන අපි හොයලා බලනකොට තමයි අපිට විස්තර දැනගන්න පුලුවන් වුනේ.

දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි අරහෙන් මෙහෙන් හතර වටින්ම ඖෂානිට ආදරය සම්බන්ධයෙන් යෝජනා ගලාගෙන එන එක. එයා කියන විදිහට නම් ඒක නන්ස්ටොප් වෙන පාටයි. මෙහෙම කිව්වට එයාට ගලාගෙන එන ආදර යෝජනා ලේසි පහසු ඒවත් නෙවෙයි. වැඩි හරියක් එන්නේ පිටරටවල ඉන්න අයගෙන්ලු. ඉතින් බලාගෙන ගියාම මේක ජාත්‍යන්තර කේස් එකක්. සමහර විට මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වෙන්නත් බැරි කමක් නෑ ඔන්න.

Oushani Rathnayake Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close