Daily News
Trending

රංජියා කැමරාව ඉස්සරහදි විතරක් කරන දේ..




කානු ගෙදර රංජියා කිව්වම නොදන්න කෙනෙක් නැහැ.‍රංජියගෙ ඇත්ත නම රොහාන් විජෙතුංග.කාලෙකට කලින් විකාශනය වුන හාරකෝටිය ටෙලිනාට්‍ය නිසා තමයි රංජි ගොඩක් ප්‍රසිද්ද වුනේ.

රංජියගෙ කොන්ඩෙ විලාසිතාවට,රැවුලට කතා බහට ලොකු කුඩා බේදයක් නැතිව හැමෝම ආදරය කලා.මේ දිනවල අපිට රොහාන් මුනගැහෙන්නෙ කාබුල් විදියට.ඒකත් වෙනස්ම රගපෑමක්.ඔහුගෙ මේ රංගනය ගැන ප්‍රශ්නයක් අහපු වෙලාවක රොහාන් කියන්නෙ මෙහෙම කතාවක්.
මම රගපාන්නෙ කැමරාව ඉදිරියෙදි විතරයි.ඊට පස්සෙම මම බොහොම සාමාන්‍ය මනුස්සයෙක්.මාව ඇසුරු කරන මගෙ ලග අය ඒක දන්නවා..ඉතින් ඒ නිසා කැමරාව ඉදිරියේ මගේ උපරිම දක්ශතාවය පෙන්වනවා කියලා තමයි රොහාන් කිව්වේ.

මුලින්ම රංගනයට වේදිකාවෙන් එන රොහාන් වේදිකාව අමතක කරලා නැති බවත් වෙලාවේ අපහසුතාවය නිසා ටිකක් ඒ වලින් ඈත්වෙලා ඉන්නවා කියලත් තමයි කියලා තිබුනෙ.

Tags
Show More
Close