
යුරේනි නොෂිකා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන කෙනෙක් කීවොත් හරි. සමහරු කියන්නේ යුරේනි කියන්නේ හරිම ආඩම්බරකාර චරිතයක් කියලා. හැබැයි එහෙම කියනවා ඇත්තේ යුරේනි බොහොම තනියෙන් ඉන්න කෙනෙක් නිසා වෙන්න ඇති. බොහෝම සීමිත පිරිසක් තමයි ඇය ළඟින්ම ඇසුරු කරන්නේ.
යුරේනිගේ ලොකුම හීනේ මොකද්ද කියලා ඇය පසු ගිය දවසක කියලා තිබුණා. ඒ තමයි ඇගේ ජිවිත කතාව සිනමාවට නගන එක. කවදම හරි මේ හීනේ සැබෑ කරගන්න එක තමයි යුරේනිගේ බලාපොරොත්තුව. එ වගේම ඇගෙ කැමැත්තක් තියෙනවා හොලිවුඩ් වල හරි බොලිවුඩ් වල හරි රංගනයට සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් ඇය යම් යම් දෙවල් කරනවා කියලා තමයි යුරේනි කියන්නේ.
අන්තිමට යුරේනි කියලා තිබුණේ අද ඇය යම් තැනක ඉන්නවනම් එතනට එන්න ගොඩක් දුක් වින්දා කියලා.