
දුශේනි මියුරංගිව අපි හඳුනගන්නේ 2015 වර්ෂයේ පැවැති අවුරුදු කුමාරි තරඟයකින් ජයග්‍රහණය කළාට පස්සේ. ඊට පස්සේ දුශේනි සුවිශේෂී චරිතයක් නිසා කතාබහට ලක් වෙනවා. ඒ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ මහා ප්‍රජාපතී ගෝතමී චරිතයත් එක්ක. ඒ වෙනුවෙන් ඇය මස් මාළු පවා නොකා සැදැහැ සිතින් පේ වෙනවා.
රඟන ශිල්පිනියක් ලෙස ඔයාලා හමුවට ආවත් දුශේනි කියන්නේ තවම අධ්‍යාපන කටයුතු හදාරණ ලාබාල තරුණියක්. ඇය උසස්පෙළ හදාරන්නේ වාණිජ් විෂයෙන්. මුලදී ව්‍යාපාර පැත්තට කැමැත්තක් තිබුණත් දැන් නම් දුශේනි කැමති රඟපාන්නලු. කවදා හරි සිනමා නිර්මාණයකට සම්බන්ධ වීම තමයි ඇයගේ හීනය.
සාමාන්‍යයෙන් අලුතින් ෆීල්ඩ් එකට එන සුරූපී නිළියන්ට අධ්‍යක්ෂවරුන්ගෙන් අයුතු යෝජනා එනවා කියනවානේ. දුශේනි මේ වෙද්දී අධ්යක්ෂවරු හතර දෙනෙක් එක්ක වැඩ කරලා තිබුණත් ඔය කියන වර්ගයේ යෝජනා නම් ඇවිත් නැහැලු. ඒකට හේතුවකුත් තියෙනවා. දුශේනි කියන්නේ අපි හැසිරෙන විදියට තමයි අපිට ප්‍රතිචාර ලැබෙන්නේ කියලා. අනිත් කාරණේ තමයි, දුශේනි යන එන හැම තැනකම එයාගේ අම්මත් පස්සෙන් එනවාලු. ඉතින් අම්මගේ ඇස් බැල්ම තියෙන දුවෙක්ට කාගෙන්වත් කතා අහන්න වෙන්නේ නැහැනේ.