Daily News
Trending

යතුරුපැදි අනතුරකින් කළණ නූලෙන් බේරෙයි

Kalana Gunasekara




Kalana Gunasekara Exclusive from Starfiends.lk

කළණ ගුණසේකරව මේ රටේ කලාව රස විඳින මිනිසුන් හරියටම හඳුනා ගත්තේ කූඹියෝ නාට්‍යයේ ප්‍රියන්ත මහඋල්පතගමගේ චරිතයෙන් වුණත් කළණ කියන්නේ අති දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක්. ඒ වගේම සම්මානනීය සිනමා නිර්මාණ කිහිපයකටම මේ වන විටත් සම්බන්ධ වූ දක්ෂයෙක්. ටෙලි නාට්‍ය කිහිපයකත් ඔහුගේ රංඟනය දැකගන්න ලැබුණා. ලබන වසරේ ටෙලි සම්මාන උලෙළවලදී කළණට හොඳම නළුවා සම්මානය හිමිවිය යුතු බවට ෆේස්බුක් සමාජජාල සමූහයක කතාබහක් ද ඇතිව තිබුණා. ඒ තරමටම රංඟනයෙහි වැඩ්ඩෙක් වුණ කළණට හදිසියේම යතුරුපැදි අනතුරකට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා. ආරංචියේ හැටියට නම් ඒ් වෙලාවේ කළණගේ ජීවිතය බේරිලා තියෙන්නේ අනූනවයෙන්ලු.

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන උදාර පල්ලියගුරුගේ ක්‍රයිම් සීන් ටෙලිනාට්‍යයේ රූපගත කිරීමක් අතරතුර තමයි කළණ මේ අනතුරට මුහුණ දෙන්නේ. ඔහු ආත්මාරක්ෂක සටන් කලාව හදාරපු කෙනෙක්. ක්‍රයිම් සීන් කියන්නේ ක්‍රියාදාම ටෙලි නාට්‍යයක්. මේ නිසා අවදානම් සහගත නිරූපණය කිරීම් කිහිපයකටම දායක වෙන්න මේ නාට්‍යයේ නළු නිළියන්ට සිදු වෙනවා. එවැනි රූගත කිරීමකදී තමයි කළණට මේ අනතුර සිදු වන්නේ. නාට්‍යයේ ඒක් දර්ශනයකට අනුව වේගයෙන් ධාවනය වන වාහනයක් පසුපස යතුරුපැදියකින් හඹා යන කළණ එම ධාවනය වන වාහනයේ ඒල්ලිය යුතුයි. මේ අවස්ථාව සඳහා අදේශක නළුවන් යොදා නොගන්න අධ්‍යක්ෂවරයා කටයුතු කරනවා. කළණත් ඉතින් දෙපාරක් නොහිතාම ඒ අභියෝගය භාර ගන්නවා. මීටරය 60ක පමණ වේගයකින් යතුරුපැදිය පදවාගෙන යන කළණ ඉදිරියෙන් ධාවනයවන වාහනයේ එල්ලෙන්න හදනකොටම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට විසිවෙලා ගිහින් තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. ඒ වෙලාවේ දෙයියන්ගේ පිහිටෙන් කළණට කිසිම අනතුරක් සිදුවන්නේ නැහැ. ඒත් යතුරුපැදිය නම් සෑහෙන්න ඩැමේජ් වුණා කියලා ආරංචියි.

කළණ කියන්නේ ඇත්තටම ඉතින් සුපිරි වැඩ්ඩෙක් තමයි. ඔහු මෑතකදී මූසිලය කියලා කවි පොතකුත් ලෝන්ච් කළා. පිටපත් රචනයේ සුවිශේෂී හැකියාවකුත් කළණ සතු බව ෆීල්ඩ්ඒකේ ඉන්න බොහෝ දෙනා දන්නවා. මේ දවස්වල කළණගේ අලුත්ම ටෙලිනාට්‍යයක් විකාශනය වෙමින් තියෙනවා. ප්‍රදීප් ධර්මදාස ත්‍රයිලෝකා නමින් අධ්‍යක්ෂණය කරන මේ අලුත් නාට්‍යයට දැනටමත් විශාල ලෙස ප්‍රෙක්ශක ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. මෙහි කළණගේ සුපුරුදු රස්තියාදුකාර රංඟනයට වෙනස් හැඩයක් දී තිබෙනවා.

කළණ රටේ තොටේ සිදුවෙන දේවල් සම්බන්ධයෙනුත් උනන්දු කලාකරුවෙක් බවත් කියන්න ඔ්නේ. ඔහුගේ චින්තනය සහ දේශපාලනයේ ස්වභාවය, ෆේස්බුක් පිටුවේ පෝස්ට්වලින් පැහැදිලි කරගන්න පුළුවන්. තනි වාක්‍යයකින් කියනවා නම් කළණ කියන්නේ දේශපාලන සවිඥානිකයෙක්.

Kalana Gunasekara Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close