
Modeling කරන්නත් ඉතින් හැමෝටම බෑ ඒකටත් ක්රමයක් තියෙනවා. ඇඳුමක් දෙකක් ඇඳගෙන එහාට මෙහාට ගිය පලියට ඉතිං Modeling girl කෙනෙක් වෙන්නෙත් නෑ. ඒක ඇඟෙන්ම එන්න ඕන දෙයක්. හරම කරන්න මෙහෙම කරන්න කියලා ඉතින් කාටවත් කියලා දීලා හදන්නත් අමාරුයි. ඒත් ඉතින් මොඩ්ලින් ඇඟෙන්ම ආපු එක චරිතයක් ඉන්නවා. එයා තමයි ටීනා. මොඩ්ලින් නං ඉතිං ටීනාම තමයි. මෙන්න මෙහෙම ඉතින් අපි කීප සැරයක්ම කියලා ටීනා ගැන news දැම්මා. මුලින්ම ආයිමත් කියන්න තියෙන්නේ මේ ටිකම වුනාට, අවසානෙදි නම් ඉතින් කියන්න තියෙන්නෙ ටීනා කියපු වෙනස්ම විදියේ කතාවක්.
නිරූපිකාවක්, Teledrama නිළියක් විදියට ආපු ගමනෙදි එයාගේ කකුලෙන් අදින්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටියලු. ඒ වගේ ගොඩක් තැන්වලදී එයා කරේ හිත රිදව ගත්ත එකලු. අනිත් අයගෙන් උදව් ඉල්ලන්නෙ නැතුවv තමන්ගේ පාඩුවේ හෙමින් හෙමින් ගමනක් ආපු නිසා ගොඩක් තැන්වලදී එයාව සමහරු ගනං ගන්නෙත් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවාලු. ගොඩක්ම ඉතින් මෙයාට ඉරිසියා කරන්නේ කාන්තා පාර්ශවයෙන්ලු. ඒ වගේම කැපිලි එනවා කියන්නෙත් එතනින්ම තමයි. හැබැයි ඉතින් එයා කියන විදියට මොන තරම් දේවල් මිනිස්සු කරත් එයාගෙ ගමන නම් කාටවත්ම නවත්තන්න හම්බ වෙන්නේ නෑලු. ඒ එක්කම එයා කියලා තියෙනවා දැන්වත් ඉතින් එයාට ඉරිසියා කරන එක නවත්තන්න කියලා. කවුරු මඩ ගැහුවත් මොනවා කිව්වත් එයාගේ ගමන එයා යනවාලු. ටිනා කියන්නෙත් මොඩ්ලිං කරන නිරූපණ ක්ෂේත්ර යේම ඉන්න කෙනෙක්. ඒත් ඉතින් දැන් එයත් කියලා තියෙනවා Modeling field එකනම් දැන් මඩ ගොඩක් කියලා.