
දිනක්ෂි ප්‍රියසාද්
මම කවදාවත් වැලන්ටයින් සමරලා නෑ අනේ. හැබැයි වෙන වෙන දේවල් නම් සමරලා තියෙනවා. ඇනවසරි එහෙමත් සමරලා තියෙනවා. වැලන්ටයින් දිනය කියලා විශේෂ කරලා මං සමරලාම නැහැ. ඇත්තටම මම ඒකට ආසත් නැහැ. මේ දවස්වල වෙස් සහ නිරාශා කියන නාට්‍ය දෙකේ ෂූටින් තියෙනවා. වැලන්ටයින් එකට ඉතින් ෂූටින් තමයි.
ඕෂධී හිමාෂා
ඇත්තටම වැලන්ටයින් එක එහෙම සමරලා නෑ. සමරන්න අදහසකුත් නැහැ. ඒ නිසා චොකලට් වගේ දෙයක් ඇරෙන්න ලොකු ගිෆ්‍ට් ලැබිලා නැහැ. මෙ පාර වැලන්ටයින් එක ගැනත් එහෙම ලොකු අදහසක් නැහැ. මොකද මම ඇත්තටම ලංකාවේ හිටියේ නැහැ. ඊයේ තමයි ලංකාවට ආවේ. ඒ නිසා වැලන්ටයින් එකට මොනවා වෙයිද කියලා දැන්ම කියන්න බැහැ. අපි බලමු නේද?
විනූ සිරිවර්ධන
මම මුලින්ම වැලන්ටයින් සැමරුවේ 2017 දි. එයා මට දුන්නේ නෙක්ලස් එකක්. මම එයාට වොච් එකක් දුන්නා. මේපාර නම් ඉතින් තනියෙන් තමයි වැලන්ටයින් සමරන්න වෙලා තියෙන්නේ. මේ පාර වැලන්ටයින් එක යාළුවෝ එක්ක සමරන්න වෙන් කරගෙන හිටියේ. ඒත් අවාසනාවකට වැඩ වැඩි වුණා. ඒ නිසා එදා දවසත් ෂූටින් වලටම දුන්නා.
ශලනි තාරකා
වැලන්ටයින් නම් මගේ ජීවිතේට මම සමරලා නෑ. මේ පාරත් ඉතින් ගෙදරට වෙලා ඉන්නවා. වෙන විශේෂයක් නෑ. මේ දවස්වල සුපුන් රත්නායකගේ අඩෝ ටෙලිනාට්‍යයේ ෂූටින් වැඩ තියෙනවා. ඊට අමතරව සඳ හැංගිලා ටෙලිනාට්‍යයේ ශූටින් වැඩත් තියෙනවා. මේපාර වැලන්ටයින් දවසට නම් ගෙදර තමයි ඉන්නේ.
ධනංජය සිරිවර්ධන
වැලන්ටයින් සමරන සීන් එකේ මම නම් නැහැ. ගිෆ්ට් නම් ලැබිලා ඇති. මට හැබැයි මතක නැහැ. ශෂිනියි මමයි දෙන්නම වැලන්ටයින් සමරන අය නෙමෙයි. ඇත්තටම කිව්වොත් වැලන්ටයින් කියන්නේ වෙළෙඳපොළ විසින් සහ මාධ්‍ය විසින් නිර්මාණය කරපු දවසක්නේ. ඒ දිනය සැමරුවාට නම් කමක් නැහැ. ඒත් මගේ එහෙම ලොකු ආශාවක් නැහැ. 14 නම් මට ෂූටින්.
විශ්ව කොඩිකාර
මට ඉස්සරවෙලාම වැලන්ටයින් ගිෆ්ට් එකක් ලැබුණෙ මගේ බිරිඳගෙන්. එදා ඇය මට රතුපාට කමිසයක්, නිල් පාට ඩෙනිමක්, රතු කැප් එකක් සහ රෝස මලක් දුන්නා. මමත් ඉස්සරවෙලාම වැලන්ටයින් ගිෆ්ට් එකක් කියලා දුන්නේ මගේ බිරියට. අපි මේපාර එහෙම වැලන්ටයින් කියලා සමරන්න හිතලා නැහැ. දැන් අපි දෙන්නාම එකටනේ ඉන්නේ. ඒත් මගේ හිතේ බිරියට තියෙන ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ
හේමාල් රණසිංහ
අනේ ඇත්තටම වැලන්ටයින් සෙලිබ්‍රේට් කරපු එකක් නම් මතක නැහැ. දීලා නම් ඇති. ඒත් දැන් මතක නැහැ. මේ පාර වැලන්ටයින් එකට මම දියතලාවේ ෂූටින්. ආශාවරී ෆිල්ම් එකේ මූලික වටයේ රූගතකිරීම් තියෙන්නේ දියතලාවේ. දාහතර වෙනිදාට ඉතින් ලොකේෂන් එකේ තමයි.
සාරංග දිසාසේකර
වැලන්ටයින් එකට කියලා එහෙම මොනවත් ලැබුණා කියලා මතකයක් නැහැ. මොකද මම එහෙම වැලන්ටයින් සමරලා නැහැ. හැබැයි කාර්ඩ් එකක් නම් ලැබුණා කියලා මතකයි. මම ඇයට දුන්නේ රිංග් එකක්. මේ පාර වැලන්ටයින් එකට මම රඟපාපු රශ් ෆිල්ම් එකේ ට්‍රේලර් එක අවුට් වෙනවා. 14 වැනිදා හවස 6.30ට තරංගනී එකේ දී ඒ වෙනුවෙන් පුංචි ඉවෙන්ට් එකක් තියෙනවා.
රොෂාන් රණවන
වැලන්ටයින් කියලා එක දිනයක් වෙන් කරගෙන සමරන්න ඕනේ නෑ කියන මතයේ තමයි මම ඉන්නේ. මං විතරක් නෙමෙයි මගේ බිරියයි අපි දෙන්නම හිතන්නේ එහෙම. ඉතින් හෙට නම් එහෙම විශේෂයක් නැහැ. අපි දෙන්නාම හෙට ටීවී ප්‍රෝග්‍රැම් එකකට නම් සම්බන්ධ වෙනවා. හැමදාම ආදරෙන් ඉන්න ඕනේ කියලා තමයි අපි හිතන්නේ.