Daily NewsGossipsHollywood & Bollywood
මේ තරම් ප්‍රේමයක් කොහේ තිබුනිදෝ – සෝනම් කපුර්

බොලිවුඩ් කියන්නේ එක එක දේවල් ලංකාවට විතරක් නෙමේ ලෝකෙට බෝකරන රටක්. ඒකත් ඉතින් හොඳයි. හොඳ දෙයක් වුනොත් කැරකිලා යන්නෙම හොඳ පැත්තට. නැත්තං ඉතින් සොරි තමයි. නළුවද නිළියො ද කියලා නෑ දෙයක් කෙරුවොත් අල්ලලා හිටියොත් හිටියම තමයි. සමහර වෙලාවට පටන් ගන්න තැන ඒවා නැත්තටම නැති උනත් වෙනිං කොහේ හරි රටක ඒක හරි අපූරුවට තියෙනවා. සමහර artists ලා ඉන්දියාවේ ආතල් එකට කරන දේවල් සීරියස් විදිහට ලංකාව වගේ රටවල් නම් බාර ගන්න වෙලාවල් එහෙමත් තියෙනවා. ඒක තමයි ඉතින් හැටි.
කොහොම හරි මේ කියන්න හදන්නේ වෙනම කතාවක්.
ඔයාලා කවුරුත් දන්නවා ඇති නේද සෝනම් කපූර්ව. එයා දැන් කරන වැඩ වල හැටියට නම් තේරුම් ගන්න තියෙන්නෙ එයා වැඩියෙන්ම ආදරේ කරන්නෙ බල්ලොන්ට කියලා. මොකද එයා නිතරම මිනිස්සු ගැන වද වෙනවට වඩා බල්ලෝ ගැන තමයි හොයල බලන්න ට්‍රයි කරන්නේ. එයා නිතරම මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ අයාලේ යන සතුන් හදාවඩා ගන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඇප උපස්ථාන කරලා කරුණාවෙන් ආදරයෙන් රැකබලා ගන්න කියලාත් තියෙනවා. මේ ළඟදී දවසක සෝනම් ඒ වගේ ලොකු සීන් එකකට එන්ටර් වෙලා තියනවා. මහවැස්සක් වෙලාවේ බිල්ඩින් එකක් යටට වෙලා කෑ ගහමින් හිටිය බල්ලෙක්ට බිල්ඩින් එකේ security පහරදීම් කරලා තියෙන්නේ බිල්ඩින් එකේ අයිතිකරුගේ උවමනාවට. මේක දැනගත්ත සෝනම් ඉක්මනින්ම එතනට ඇවිල්ලා CCTV චෙක් කරන්න තරමටම දරුණු විදිහට වැඩේට බැස්සේ පොලිසියත් එක්ක ඇවිල්ලයි. ඉන් පස්සෙ ඒ ආරක්ෂාව ලබා දුන්න සෝනම් බල්ලාගේ නිරෝගීකම ගැන දිගින් දිගටම රසිකයින්ට කරුණු ඉදිරිපත් කරන්න පෙළඹුණා. ඒ විතරක් නෙවෙයි සත්වයන් සඳහා පවත්වාගෙන යන සුභසාධන කමිටුවලටත් උදව් කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා හිටියා. කොහොම උනත් ඉතිං අන්තිමට අපිට කියන්න තියෙන්නෙ මේ “තරම් ප්‍රේමයක් කොහේ තිබුණි දෝ” කියලා තමයි.