
මාස අටක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ හිරු ටීවී තුලින් විකාශය වූ හිරු මෙගා ස්ටාර් වැඩසටහනේ සාර්ථක අවසාන මහා තරඟය ඊයේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.
දිවයින පුරා විසිරී සිටින තරු සහ තාරකාවන් අසූ දෙනෙක් යුගල හතලිහක් ලෙස තරඟ වැදුණු මෙම දැවැන්ත රියැලිටි අත්දැකීමට ඉතා උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. අවසාන වටය නියෝජනය සඳහා තරු යුවල පහක් තරඟ වැදී තිබුණ අතර, මේ අතරින් ජයග්‍රාහී යෝධ සම්මානය දිනා ගැනීමට සමත් වුණේ රනිල් සහ මේනකා පීරිස් යන යුගලයයි.
අඹු සැමියන් වන මේනකා සහ රනිල් දීර්ඝ වශයෙන් කළ පෙර පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම කිරුළ තමන් සතු කර ගන්නට ඔවුන් සමත් වුණා.
නර්තනය සහ ගායනය ඔස්සේ දක්ෂතා පෙන්වූ මෙගා ස්ටාර් සඳහා ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් වගේම විවිධ ක්ෂේත්‍රවල දක්ෂයින් සහභාගී වුණා.
රියැලිටි තරඟාවලියක් මෙහෙයවීම සඳහා යුරේනි සමඟ බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ එක්ව සිටීමද මෙගා ස්ටාර් වෙත අමුතු ආලෝකයක් ගෙනදී තිබුණා. අවසානයේ මාස අටකට පසු සරු අස්වැන්නක් නෙළාගන්න හිරු ටීවී සමත් වූ බව කියන්න ඕනේ.
අවසන් මහා තරඟයේදී ජයග්‍රාහකයින් ලෙස මේනකා හා රනිල්ව ඔසොවා තබනු ලැබුවේ එස් එම් එස් මනාපයෙන්. අවසන් වටය නියෝජනය සඳහා අනූජ්-දුෂේනි, මේනකා-රනිල්, කාවිංග-තාරුකා, නිලංග-රිතූ, නුවන්-ශෙහානි යන යුගල පහ එක්ව සිටියා.