GossipsHollywood & Bollywood
Trending

මේගන් රාජකීය නීති කඩා දමයි….




හැරී මේගන් කියන්නෙ පසුගිය කාලය පුරාවට මුලු ලෝකයක්ම කතා කල යුවලක්. ඒකට මූලිකම හේතුව උනෙ වැඩිමල් මේගන් වගේ යුවතියක් රජ කුමාරයෙක් උන හැරි විවාහ කරගන්න තීරණය කිරීම නිසා.

මෙ විවාහයත් සමග බොහෝ දෙනෙක් කිවේ මේගන්ට රාජකිය පවුලට අනුගත් වෙන්න බැරිවෙයි කියලා. මේ අදහස් වලට තටු දෙමින් මේගන් දැන් හැසිරෙන්න පටන් අරගෙනලු. පසුගියදා ලන්ඩන්වල පැවති තුරග තරග සමාරම්භක උත්සවයේදි හා හා පුරා කියලා මේගන් රාජකිය සම්ප්‍රදායක් බිද දමලා තිබුනා.

රාජකිය සම්ප්‍රදායට අනුව මෙ උත්සවයට සම්බන්ද වෙන සියලුම රාජකියේකුම තමන්ගේ නම සදහන් බැජ් එකක් පැලදීම අනිවාර්යලු. මේ වගේ බැජ් එකක් පැලදීම අවශ්‍ය නොවෙන්නෙ එලිසබෙත් රැජිනට විතරලු. කොහොම උනත් මෙ දවසේ මේගානත් මෙ බැජ් එක පැලදගෙන ඉදලා නෑ කියලා තමයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නෙ.

විලියම් කේට් හැරි මෙ බැජ් එක පැලදුවත් මේගන් මෙක මගහැරිම ගොඩදෙනෙක් විවෙචනය කරන්න පටන් අරගෙනලු.

Show More
Close