Daily News
Trending

මේක මගේ අවසන් එක. කියන්න ඕනෙ හැමතැනටම කියලා තියෙන්නෙ – රිතූ ආකර්ශා-




රිතූ මේ දවස්වල ටිකක් බිසී. ඒ ටෙලිනාට්ය වැඩයි රියැලිටි ෂෝස්වල වැඩයි නිසා. රියැලිටි ශෝ වලට ආයෙ නම් සම්බන්ධ වෙන්න රිතූගෙ අදහසක් නෑ ලු. ලංකාවෙ නළු නිළියන් රඟපාන්න වගේම නටන්න, ගයන්න, සින්දු කියන්න කොයිතරම් දක්ෂයිද කියලා රිතූ දැනගත්තෙ රියැලිටි වේදිකාවෙන් ලු. රිතූ රියැලිටි වේදිකාවට එන්නෙ වෙනසකටත් එක්ක වුණාට ආයෙ රියැලිටිවලට සම්බන්ධ වෙන්න නම් රිතූට අදහසක් නෑ. ලංකාවෙ ටෙලි කලාව විනාශ වෙන්නෙ විදෙස් ටෙලිනාට්ය පෙන්වීම නිසා කියලා රිතූ කියනවා. ලංකාවෙ ඒවා පිටරට නිර්මාණ එක්ක සසඳනවාටත් රිතූ දොස් කියනවා. මොකද ලංකාවෙ නිර්මාණ සිදුවන්නෙ ලෝ බජට් ඇතුලෙනෙ. විදෙස් නාට්යය පෙන්වීම නිසා ලංකාවෙ කලාකරුවාට සිදුවන අසාධාරණය ගැන රිතූට තියෙනෙ වේදනාවක්. ඒ වගේම කේන්තියක්. මේ වෙද්දි ඒ අසාධාරණය ගැන කියන්න, යන්න පුළුවන් හැමතැනටම ගිහිං ඉවරයි. කියන්න පුලුවන් හැමෝටම කියලත් ඉවරයි. මෙතැනින් එහාට මොනවා කරන්නද… රිතූට ඒ ගැන තියෙන්නෙ කලකිරීමක්.

Tags
Show More
Close