
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහුගිය දවසක ඇෆ්ගන් ටීම් එකත් එක්ක සෙල්ලම් කරලා ඓතිහාසික පරාජයක් අත්පත් කර ගත්තා. මේ නිසා මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී වේලාසනින්ම ගෙදර එන්න සිදු වුණේ ලංකාවේ ටීම් එකට.
ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එක ඉස්සරහා ලෝකයක් දණ ගහපු ඉතිහාසයක් තිබුණා කියලා ඔයාලට මතක ඇති. ඩිල්ෂාන් කියන්නේ ඒ ඉතිහාසයේ වීරයෙක්.
මේ පරාජය හමුවේ වඩාත් දුක් වූ අය අතර ඩිල්ෂාන් ද සිටියා. ” මේ තරම් පසුබෑමක් සිදුවෙයි කියලා කවදාවත් සිතුවේ නෑ. මෙහෙම වෙනවා කියලා දන්නවා නම් කවදාවත් මම වේලාසනින් විශ්‍රාම ගන්නෙත් නෑ. මගේ බලාපොරොත්තුව තිබුණේ 2019 ලෝක කුසලානයට සෙල්ලම් කරලම ක්‍රිකට්වලින් සමුගන්න. දැන් නම් මේකට රාජ්‍ය නායකයින් හරි මැදිහත් වෙලා නිවැරදි කර ගන්න ඕනේ. මොකද තව මාස කීපයයි අපිට ඉතිරිවෙලා තියෙන්නේ. පෞද්ගලිකවම දැන් තත්ත්වය සම්බන්ධයෙන් මට කණගාටුයි.
මේ විදියට අදහස් දැක්වූ ඩිල්ෂාන් කිව්වේ ටීම් එක ගොඩ ගන්න ඩිල්ෂාන්ගේ සපෝර්ට් එක අපේක්ෂා කරනවා නම් අනිවාර්යෙන්ම ඒක කරන බව.
ඉතින් ප්‍රවීණ ක්‍රීඩකයින් අපිට උදව් කරන්න ඉදිරිපත් වෙලා සිටින වෙලාවක ඒ අයගේ උපකාරයත් ඇතුව ටීම් එක ගොඩ දාන එක වගකිව යුත්තන්ගේ කාර්යක්.