GossipsHollywood & Bollywood
Trending

මෙලානියා ට්‍රම්ප් තනියම ඊජිප්තු ගිහින්.




මෙලානියාව ඔයාලා දන්නවනේ. ඇය තමයි ලෝකයේ බලවත්ම ජනාධිපති ආර්යාව. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඒ තරම් පරිණත ජනාධිපතිවරයෙක් නෙමෙයි. මේ වන විට ලෝකය පුරා උද්ගතව ඇති ආර්ථික අර්බුද සියල්ලටම පාහේ ට්‍රම්ප්ගේ ආර්ථික දැක්ම බලපානවා.

කොහොම වුණත් මේ කියන්න හදන්නේ මෙලානියාගේ ස්වාමිපුරුෂයාගේ දේශපාලනය ගැන නම් නෙමෙයි.

මෙලානියා මේ දවස්වල දීර්ඝ විදෙස් සංචාරයකට සහභාගී වෙලා ඉන්නේ. අප්‍රිකානු රටවල් තුනක් මේ සංචාරයට ඇතුලත් වෙලා තියෙනවා. හැබැයි මෙලානියා මේ ගමන යන්නේ ට්‍රම්ප් එක්ක නෙමෙයි. තමන්ගේ කාර්යමණ්ඩලය එක්ක තනියම සංචාරය කරන්න ඇය තීරණය කරලා තියෙනවා.

ඊජිප්තුවේ කයිරෝ නුවරට ආපු මෙලානියා ලෝක පුදුමයක් වූ ඊජිප්තු පිරමීඩ බලන්නත් ගිගින් තියෙනවා. ඒ වගේම ඇය මහා ස්පින්ක්ස් ස්මාරකය බලන්නත් යනවා.

මේ සංචාරයේදී මෙලානියාව මාධ්‍යවේදීන් වට කරගන්නවා. ඒ අවස්ථාවල ඔවුන් අහන ප්‍රශ්නවලට නිදහසේ පිළිතුරු දුන්න මෙලානියා කිව්වේ ට්‍රම්ප්ගේ සමහර ප්‍රකාශ සමඟ ඇය එකඟ වන්නේ නැහැ කියලා.

ජනාධිපති අර්යාවක් තමන්ගේ ජනාධිපති ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් එහෙම සෘජුව කතා කරනවා දකින්න ලැබීම නම් සතුටක්. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ගැහැනු ආකර්ෂණය අඩු නැති වගේම ගැහැනු ගොඩක් ආශ්‍රය කරපු කෙනෙක්. මෙලානියාට වඩා ඔහු බොහෝ සෙයින් වැඩිමහල් ද වෙනවා.

Tags
Show More
Close