Daily News
Trending

මෙල්බර්න් යන්න ගුවන්තොටුපොළට ගියපු කමල් අද්දරආරච්චි ආපහු ආවේ ඇයි?




ලංකාවේ හුඟක් ජනප්‍රිය සංගීත වැඩසටහනක් විදියට කිසිම කරදරයක් නැතිව ‘මා නොවන මම’ හඳුන්වා දෙන්න පුළුවන්. මේ වැඩසටහන කොයිතරම් මිනිස්සු අතරට ගියාද කියනවා නම් විදෙස් රට වලින් පවා මා නොවන මම සඳහා ආරාධනා ලැබෙනවා.

එහෙම ආපු ආරාධනාවකට අමල් පෙරේරා, බිමල් ජයකොඩි සහ කමල් අද්දරාආරච්චි එක්ක නිවේදක කැලුම් ශ්‍රීමාල් වගේම සංගීත කණ්ඩායමත් මෙල්බර්න් යන්න සූදානම් වුණා. මේ ගමනට සියලු කළමනා ලකලෑස්ති කර ගෙන කට්ටියම ගුවන්තොටුපොළටත් ගියා කියන්නකෝ. ඒත් ගුවන්තොටුපොළේදී ප්‍රවීන රංඟන ශිල්පී කමල් අද්දරආරච්චිගේ ඕස්ට්‍රේලියන් වීසා කැන්සල් වෙනවා. ඒ වැඩසටහන කොහොමටවත් අතහරින්න නොහැකි එකක් නිසා කමල්ව ගුවන්තොටුපොළේ තනි කරලා අනිත් අයට මෙල්බර්න් යන්න සිදු වෙනවා.

ඇත්තටම කමල්ගේ වීසා කැන්සල් වෙලා තියෙන්නේ නීතිමය තත්ත්වයක් නිසා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ.

කොහොමින් කොහොම හරි ‘මා නොවන මම’ කණ්ඩායමත් එක්ක මෙල්බර්න් යන්න ගියපු කමල්ට නොසිතූ විදියට ආපහු හැරිලා එන්න සිදුවෙනවා.

මේ සිදුවීම නිසා ‘මා නොවන මම’ එනතුරු මග බලාගෙන හිටපු මෙල්බර්න් සංවිධායක මණ්ඩලය සහ රසික රසිකාවියන් නම් අපේක්ෂා භංගත්වයකට පත් වෙන්න ඇති.

ඒ මොනවා වුණත් නීතියට පිටින් යන්න බැහැනේ. ඒ නිසා කමල්ට වගේම හැමෝටම මේ සිදුවීම ඉවසන්න සිදු වුණා.

Tags
Show More
Close