
Rithu Akarsha Exclusive from Starfriends.lk
“හරියටම කියනවා නම් පාර්ලිමන්ට් රෝඩ් එක ලඟදී හැප්පිලා තියෙන්නේ”
“නෑ.. ඇත්තද?’
“ඇත්තද කියලත් අහනවා. මහ රෑ හැප්පිලා තියෙන්නේ. එහෙමට කියන්න තරම් ලොකු ඩැමේජ් එකක් නෑ’
මේ මීට කාලෙකට ඉස්සර වෙලා දවසක එක්තරා නිළියක් ගැන මිනිස්සු කතා කරපු සිද්ධියක්. ඉතින් ඒ කාලයකට ඉස්සරනේ. ඒක නිසා අපි ඒ කතාවට යන්න කියමු. දැන් කතා කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරමු. ඒක තමයි හොඳම දේ. අපි මේ කතා කරන්නේ රිතූ ආකර්ෂා ගැන. ඉස්සර වෙලා අපි අර එක්තරා නිලියක් ගැන කියලා කිව්වෙත් මෙන්න මෙයාට තමයි. කොහොමහරි ගොඩක් දෙනෙක් කියන කතාව තමයි කාලෙක ඉඳලා රිතූව දකින්න හම්බෙන්නෙ නෑ කියලා. ඒකත් ඇත්ත තමයි නේද? ඒත් ඉතින් මෙන්න මේ හැමදේටම වගේ රිතූ කියලා නම් තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ෆීල්ඩ් එකට අලුතින් නිලියෝ එනවාලු. ඒ අයටත් අවස්ථාවක් ලැබෙන්න ඕන. ඒක හොඳයිලු. ඒත් ඉතින් කවුරු ආවත් දක්ෂතාවය තියෙනවා නම් කාටවත් ගමන වලක්වන්න බැහැ කියලාත් කියලා තියෙනවා. ඉස්සර නම් රිතූ කිව්වම live program වල, ටෙලිඩ්‍රාමා කීපයකම දකින්න හිටපු චරිතයක්. ඉතින් හදිසියේම මේ මොකද වුනේ කියලවත් දන්නෙ නැති විදිහටම විස්තරයක් හොයා ගන්න බැරි වුණා. එහෙම තමයි සමහරු කිව්වේ.
ඒත් රිතූ නම් කියලා තියෙන්නේ එහෙම කතාවක් නෙවෙයි. රිතූ කියලා තියෙන්නේ එයාට teledrama ආරාධනා නම් ගොඩක් එනවලු. ඒත් ඉතින් එන්නම් වාලේ හැමදේම අරගෙන කරන්නෙත් නෑ කියලයි. දක්ෂතාවය තියෙනවා නම් මේ ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්න එක ඒ තරම් දෙයක් නෙවෙයි කියන රිතූ තවත් විදියකට කියනවා නම් ඕනම character එකක් රඟපාන්න පුළුවන් කියලාත් කියලා තියෙනවා. හැබැයි මේ දවස් වල අයි.ටී.එන්. එකේ telicast වෙන සුසුමක ඉම ටෙලියේ වැඩ. ඒත් එක්කම තවත් එකක් ඉස්සරහට එන්නත් තියෙනවාලු. නිළියක් කියන්නේ වෙනමම චරිතයක්. එයාලා කරන කියන දේවල් එක්කයි personal life එකයි බැලුවම එක එක විදියේ කතා හැදෙන්න තියෙන සම්භාවිතාවයත් හරිම ඉහලයි. ඒවගේම තමයි මෙයාටලට එන විවේචනත්.
මේ ගැන නම් රිතූ කියන්නේ රසිකයන්ට artistලාව වර්ණනා කරන්න පුළුවන් වගේම විවේචනය කරන්නත් ඕන වෙලාවක පුළුවන් කියලා. ඉතින් රිතූ කියන විදිහට මෙයා කාලයක් තිස්සෙම කියන කතාවක් තමයි ඒක. සමහර අධ්‍යක්ෂවරු නම් ඉන්නවාලු එයාගේ දක්ෂතාවන්ගෙන් ප්‍රයෝජන ගන්න. එයාට ඕන චරිතයක් කරන්නත් පුළුවන්ලු. අහිංසක චරිත, පෙම්වතියගේ චරිත, මුඩුක්කු චරිත, නපුරු චරිත මේ හැම දෙයක්ම රඟපාලා තියෙනවාලු. ඒත් ඉතින් එයාට තාම එයාව නම් හම්බ වෙලා නෑලු. එයා කිව්වේ චරිතෙන්… චරිතෙන් …තාමත් මෙයාට තමන් හොයන චරිතය හමුවෙලා නෑලු. මීට කලකට ඉස්සෙල්ලා කිව්ව වගේ තාමත් ඉති්න් රිතූ කියන්නේ ඒ කතාවම තමයිලු.
Rithu Akarsha Exclusive from Starfriends.lk