Daily NewsGossipsHollywood & Bollywood

මුරලි වටේ කැරකෙන විජේ සේතුපති




මුත්තයියා මුරලිදරන්ට ඒ කාලේ ලොකු ෆයිට් එකක් තිබ්බා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි ෂේන් වෝන්ගෙන්. ලෝකෙ ඉන්න හොඳම විචාරකයෝ පවා මේ දෙන්නව හොඳම විදිහට අංක එකේ තැන තියලා කතා කරන්න පටන් ගත්තා. මේක නිසා මේ දෙන්නටම ආයිත් අනිත් පැත්තට හැරිලා යන්න නම් චාන්ස් එකක් ලැබුණේ නෑ. දෙන්නම හිටියේ තමන්ගේ නමයි රටේ නමයි බේරගන්න ගේම් එකේ තමයි. කොහොමහරි ඉතින් අන්තිමේදි game එක win කරන්න පුලුවන් වුනේ මුරලිට. ඔය කතන්දරේ ඔහොම වෙනකොට පහුගිය දවසක ඉන්දියන් gossip සයිට් එකක මෙන්න මෙහෙම කියවිලා තිබුණා. ඒක ඉතිං සෙල්ලම් කතාවක් නෙමේ. ඕගොල්ලොන්ට මතක ඇතිනේ ඊයේ පෙරේදා ෆිල්ම් එකක් කරන්නත් පටන් ගත්තා 83 කියලා කපිල් දේව්ගේ ජීවිත කතාව බේස් කරගෙන. අන්න ඒ වගේ එකක් තමයි මේකත්. සිද්ධියේ කියවිලා තිබ්බ විදිය අනුව නං නම් මුරලි ගැනත් ෆිල්ම් එකක් කරන්න සෙට් වෙලා ඉන්නවා. ඉන්දියාව කොහොමත් පහුගිය ටිකේම චරිතාප්‍රදාන ලිස්ට් එකකින්ම ෆිල්ම් කරා. මතක ඇතිනේ මිල්කා සිං, මරිකොම්, අසරුදීන්, දෝනි වගේ characters. ඉතින් අපි කතා කරන මේ ෆිල්ම් එකේ නමවිදිට එලියට දාලා තියෙන්නෙ 800. ඒ මුරලිගේ විකට් අටසීය සිහි වෙන්නත් එක්කයි.

කොහොම හරි 83 ෆිල්ම් එකේ main actor විදිහට රන්වීර් සිං act කරනකොට මුරලිගෙ ෆිල්ම් එකට සෙට් වෙලා ඉන්නෙ Vijaysethupathi. ෆිල්ම් එකේ shoot එක 2019 දෙසැම්බර් වගේ තමයි පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන්නේ ඒ වගේම මේ ෆිල්ම් එක ලංකාවේ, ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ක්‍රිකට් ගහන රටවල් වලත් අනිත් රටවල්වලත් බෙදාහරින්න සූදානම් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි මේක ලේසි වැඩක් නෙවෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අපි බලාගෙන ඉමුකො මුරලි වගේම විජේ සේතුපතිටත් බෝලෙ කරකවන්න පුළුවන් වෙයිද කියලා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close