Daily News

මුරලිට ආයෙමත් කේස් එකක්…




ඕගොල්ලොන්ට මතක ඇතිනේ මුරලි ගැනත් ෆිල්ම් එකක් කරන්න සෙට් වෙලා ඉන්නවා කියලා අපි මීට ටික දවසකට ඉස්සෙල්ලා කිව්වා.
“ඉන්දියාව කොහොමත් පහුගිය ටිකේම චරිතාප්‍රදාන ලිස්ට් එකකින්ම ෆිල්ම් කරා. මතක ඇතිනේ මිල්කා සිං, මරිකොම්, අසරුදීන්, දෝනි වගේ characters. ඉතින් අපි කතා කරන මේ ෆිල්ම් එකේ නමවිදියට එලියට දාලා තියෙන්නෙ 800. ඒ මුරලිගේ විකට් අටසීය සිහි වෙන්නත් එක්කයි.මුරලිගෙ ෆිල්ම් එකට සෙට් වෙලා ඉන්නෙ Vijaysethupathi. ෆිල්ම් එකේ shoot එක 2019 දෙසැම්බර් වගේ තමයි පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන්නේ ඒ වගේම මේ ෆිල්ම් එක ලංකාවේ, ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ක්‍රිකට් ගහන රටවල් වලත් අනිත් රටවල්වලත් බෙදාහරින්න සූදානම් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි මේක ලේසි වැඩක් නෙවෙයි කියලත් ඒගොල්ලෝ කියනවා.. ඉතින් අපි බලාගෙන ඉමුකො මුරලි වගේම විජේ සේතුපතිටත් බෝලෙ කරකවන්න පුළුවන් වෙයිද කියලා.”
ඔන්න ඕකයි news එක.

හැබැයි ඉතින් විජේසේතුපති බෝලෙ කරකවන්නත් ඉස්සරවෙලා වෙනම බෝලයක් අනිත් පැත්තෙන් කැරකිලා ආවා..
කොහොම හරි ඔන්න ඉතින් දැන් ඒ ෆිල්ම් එකටත් කේස් එකක් පත්තු වෙලයි තියෙන්නේ. මෙච්චර කල් අපි හිතං හිටියේ මුරලිට කේස් පත්තු උනේ ග්‍රවුන්ඩ් එකේ දි විතරයි කියලා. දැන් කියලත් ඉතින් ඒකේ වෙනසක් නෑ ග්‍රවුන්ඩ් එකෙන් පිටත් ඒක එහෙමම සිද්ධ වෙනවා. “800” ෆිල්ම් එකේ රඟපාන්න හිටිය ප්‍රධාන නළුවා තමයි vijaysethupathi. කොහොම වුණත් පහුගිය සති කීපය ඇතුලත දෙමළ හිතවාදී සංවිධාන කිහිපයක් දකුණු ඉන්දීය නළු නිලියන්ට මේ ෆිල්ම් එකෙන් අයින් වෙලා ඉන්න කියලා දැනුම් දීලා තියෙනවා. ඒත් ඉතින් vijaysethupathi නම් කියලා තියෙන්නේ එයා අයින් වෙන්නෙ නෑ කියලා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල දෙමළ radio channel එකකදී තමයි කවදාවත් මේ ෆිල්ම් එකෙන් අයින් වෙන්නෙ නැ කියලා විජේ කියලා තියෙන්නේ. මොකද මේකේ තිර පිටපත ලියලා තියෙන විදියටත් vijaysethupathi කැමතීලු ඒ විතරක් නෙමේ මුරලි වගේ ක්‍රීඩකයෙක් ගේ චරිතයට සම්බන්ධ වෙලා රඟපාන්න ලැබුණ එකම එයාට ලොකු වැදගත් කමක් විදියට තමයි සලකන්නේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close