Daily News
Trending

මුතූගේ පාට නිල් – මුතූ තරංගා




කාලෙකට ඉහතදී මුතූ තරංගා කියන්නේ ටෙලිනාට්‍ය රංඟනයට නැතිවම බැරි චරිතයක්. මුතූගේ හිනාවට ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් ද ලැබී තිබුණා. කාලයත් එක්ක මුතූ වැඩිපුර පෙනෙන්න නොසිටියත් ඇයට ආදරය කරපු රසික රසිකාවියන්ගේ අදත් අඩුවක් නැහැ. ඒ නිසා අපි හිතුවා මුතූ ගැන විස්තර ටිකක් ඔයාලාට කියන්න.

“ඔයා ලස්සන වෙලා” කවුරු හරි මෙන්න මේ වචන තුන කියනවා නම් මුතූට හරියට සතුටු හිතෙනවාලු. ලස්සන කියන්නේ හැම ගැහැණියකටම ආබරණයක්. මුතූ ලස්සන කියන දේ රැකගන්න කැපකිරීම් කරන කෙනෙක්. ඒ කොහොමද? මුතූගේ ජීවන රටාව හරිම වෙනස්. ඒ වගේම හරිම සුන්දරයි. පාන්දරම අවදි වීම, වතුර වීදුරුවක් පානය කිරීම දවසක් ඇර දවසක් ජිම් යෑම වගේ කාරණා හැරුණකොට මුතූ මාසෙකට දෙතුන් වතාවක් නෙල්ලි බොනවාලු. පළතුරු ජූස් බොන්න වගේම ගමේ කෑම ජාති කන්නත් මුතූ හුඟක්ම ආසයිලු. ලස්සන වෙනවා කියන්නේ මානසික සුවයක්. මුතූ ඒ සුවය හදාගන්න සුව්ශේෂී කාර්යයක නිරත වෙනවා. ඒ තමයි ඇය මල්පැලවලට සාත්තු සප්පායම් කරමින් රැකබලා ගැනීම.

සාමාන්‍යයෙන් මුතූගේ ඇඳුම් නිර්මාණය කරගන්නේ මුතූමයි. ඇය විශ්වාස කරන්නේ ඇයට වඩාත්ම ගැලපෙන්නේ නිල් පාට කියලා. ඇඳුම් නිර්මාණයේ දී රටට, සංස්කෘතියට ගැලපෙන විලාසිතා පමණක් කරන්න මුතූ වගබලා ගන්නවා.

මුතූ හුඟක්ම කැමැති රූපය වන්නේ ජෙනිෆර් ලෝපේස් සහ ඉන්දියාවේ කාජල්. මේ කාරණා ඇය හෙළි කරන්නේ සති අන්ත පුවත්පත් සාකච්ඡාවකට. ඇය කියනවා ලස්සන කියන්නේ දෙයියෝ දුන්න වාසනාවක් කියලා. මුතූ රංඟනයට වගේම ගීත ගායනයටත් දක්ෂයි.

මුතූ සුදු වෙන්න ගොඩක් ආසයිලු. ඉස්සර දවසක සුදු වෙන්න කියලා මොකක්දෝ සිංහල බෙහෙතක් කරන්න ගිහිල්ලා අන්තිමේ ඇයට ගෙදරින් එලියටවත් බහින්න බැරි වෙන විදියට තමයි වැඩ සිද්ධවෙලා තිබුණේ. එදායින් පස්සේ කෘතිම විදියට සුදු වෙන්න නම් මුතූට කිසිම වුවමනාවක් නැතිලු. මුතූ කියන්නේ කොහොමටත් පැහැපත් කෙනෙක්. ඒ නිසා අමුතුවෙන් සුදු වෙන්න නම් අවශ්‍ය නැති වෙයි.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close