Daily News
Trending

මුතූගේ අලුත් ලව් එක..

Muthu Tharanga




Muthu Tharanga Exclusive from Starfriends.lk

මුතූ තරංගා කියන්නේ කඩවසම් පෙම්වතෙකුගේ ආදරණීය පෙම්වතියක්. ඒ ආදයටත් දැන් සෑහෙන වයසක්. හැබැයි ඉතින් මුතූගේ විවාහය නම් එන්න එන්නම කල් යනවා. ආදරය ඉතිරි වෙලා විවාහය නම් කල් ගියත් මොකද නේද?

ඉතින් මුතූ තරංගලා අද දවසේ රංඟන ක්ෂේත්‍රයේ වැඩිපුර දකින්න නොලැබුණත් කාලයකට ඉහතදී පුංචි තිරය ආක්‍රමණය කරගෙන හිටපු අය කියලා නම් මතක් කරන්නම වෙනවා. විශේෂයෙන්ම මුතූගේ අව්‍යාජ හිනාවට වෂී වුණ විශාල රසික පිරිසක් හිටියා. මේ නිසාම මුතූට ගැමි චරිත රඟපාන්න වැඩි අවස්ථා හිමිවුණා.

කාලයත් එක්ක මුතූ ඇයගේ වෙනත් දක්ෂතාවක් හඳුනා ගන්නවා. ඒ ගීත ගායනට තිබුණ හැකියාව. මුලදී ප්‍රවීණයින්ගේ ගීත ගායනා කරමින් හිටපු මුතූ ඊටත් පස්සේ තමන්ගේම ගීත නිර්මාණ කිහිපයක හිමි කාරිනියක් වෙනවා. ප්‍රසංග වේදිකාවට මුතූ නැතිවම බැරි චරිතයක් බවටත් පත් වෙනවා. රියැලිටි වේදිකාවේ දී මුතූ කියන්නේ ඉතාම ඇක්ටිව් තරඟකාරිනියක්. කවදාවත් ජනප්‍රියත්වය නිසා හිස උදුම්මවාගත්තේ නැති හිත හොඳ මුතූ ගැන ඒ නිසා අදටත් රසික රසිකාවන් හුඟක් උනන්දුයි.

ඒ නිසා මුතූ ගැන අපිත් ඉතින් උනන්නදුයි. මුතූගේ අලුත් ආදරයක් ගැනයි මේ කියන්න යන්නේ. ඇත්තටම ඒ අලුත් ආදරයට ගෘෘප් එකක්ම ඉන්නවා. ආදරවන්තයෝ කිහිප දෙනෙක් සහ ආදරවන්තියක් එකම එක ආදරවන්තයෙක්ව හොයාගෙන කියලා තමයි කෙටියෙන්ම කියන්න වෙන්නේ.

මේ ආදරවන්තයාට ලංකාවේ සමහරු නම් වෛර කරනවා. ඒත් තවත් පිරිසක් පැලෙන්න තරමට ආදරය කරනවා. මුතූ සහ ඇයගේ පෙම්වතා නම් ඉන්නේ පැලෙන්න ආදරය කරන පැත්තේ. අනෙක් වැදගත්ම කාරණය තමයි මේ කියන ආදරවන්තයා තරමක් ගණන් වීම. ඉතින් වැඩිය අටුවා ටීකා ඔ්න නෑනේ. අපි මේ කිව්වේ දූරියන් ගැන. මේ නම අහපු ගමන් සමහරුන්ගේ නාසය හැකිලෙනවා. සමහරුන්ගේ කටට කෙළ එනවා.

මුතූ සහ ඇගේ පෙම්වතාත් තව කිහිපදෙනෙකුත් බිම ඇන තියාගෙන දුරියන් පළාගෙන කන පින්තූරයක් අන්තර්ජාලයෙන් අපිට හමු වුණා. මුතූ ඒ පින්තූරයට දාලා තිබුණ කැප්ෂන් එක තමයි ‘දූරියන් ලවර්ස්’ පින්තූරයේ හැටියට නම් ඒක සුළුපටු ලව් එකක් වෙන්න බැහැ. මොකද දූරියන් ගෙඩි කීපයකටම වැඩ සිද්ධකරලා බව ඒ ඡායාරූප‌යෙන් ඔප්පු වෙනවා.

Muthu Tharanga Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close