GossipsHollywood & Bollywood
Trending

මිස්ටර් බීන් මේ මාසයේ සිට යලිත් ක්‍රියාන්විතයේ….




රෝවන් ඇට්කින්සන් නමැති ලෝක ප්‍රකට නළුවා බෙහෙවින් ජනප්‍රිය වූයේ මිස්ටර් බීන් නමැති අන්වර්ථ නාමයෙනි. ප්‍රහසන රංඟන කලාව උඩියටිකුරු කළ මිස්ටර් බීන් ලොව ධනවත්ම සහ සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටියි. පසුගිය දිනවල මිස්ටර් බීන් සම්බන්ධයෙන් වැරදි පුවත් පැතිරුණ අතර මිස්ටර් බීන් මියගිය පුවතක් සීඝ්‍රයෙන් පැතිර ගියා.

කෙසේ නමුත් ජනප්‍රිය නළු රෝවන් හෙවත් මිස්ටර් බීන් යළි ක්‍රියාදාම චිත්‍රපටයක් සමඟ ප්‍රේක්ෂක ජනතාව අතරට පැමිණ තිබෙනවා .

හාස්‍ය නළුවකු සේ ප්‍රකට වූ මිස්ටර් බීන් ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් නිර්මාණය කරනු ලැබුවා. ජොනී ඉංග්ලිෂ් නමින් නිර්මාණය වූ මෙම චිත්‍රපට මාලාවේ පළමු වැන්න තිරගත වූයේ වර්ෂ 2003 දී ය. එහි තුන්වැන්න මෙම මාසයේ දී තිරගත වීමට නියමිතව ඇත. ජොනී ඉංග්ලිෂ් කතා මාලාවේ දෙවැන්න තිරගත වූයේ 2011 දී ය.

මිස්ටර් බීන් රඟන ජොනී ඉංග්ලිෂ් කතා මාලාවට අතිෂය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණ අතර මෙම අලුත් චිත්‍රපටය ද ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් වැළඳගන්නවා ඇත.

Tags
Show More
Close