
හාස්යෝත්පාදක රංඟනය කියන්නෙ ඉතාම අසීරු වැඩක්. අපි එහෙම කියන්නෙ ඇයි දන්නවද? ගොඩාක් වෙලාවට වෙන්නෙ හාස්ය උත්පාදනය කරන කෙනා හාස්යයට ලක් වීම නිසා. අපේ රටේ ඉතාම දක්ෂ හාස්යෝත්පාදක රංඟන ශිල්පීන් හිටියා. එඩී ජයමාන්න ඒ අතරින් සුවිශේෂියයි. ප්රෙඩී සිල්වා පමණක් නෙමෙයි ජෝ අබේවික්රම පවා අති දක්ෂ ලෙස හාස්යය උත්පාදනය කළා. මෑත කාලීනව හාස්ය උත්පාදනයට බිහි වූ දක්ෂයෙක් ලෙස දෙනුවන් හඳුන්වා දෙන්න පුළුවන්. ඔහුත් තමන්ව හාස්ය උත්පාදක ශිල්පියෙක් ලෙස හඳුන්වා දෙනවට කැමතියි. හැමෝටම වගේ දෙනුවන්ටත් හීනයක් තියෙනවා. ඒ කවදාම හරි දවසක ලෝක ප්‍රකට විකට නළුවන් වන මිස්ටර් බීන් සහ චාලි චැප්ලින් වගේ සාර්ථක රංඟනයක නියැලෙන්න. ඒක ඉතාම හොඳ අරමුණක්. දැන් දෙනුවන් තාත්තා කෙනෙක් නිසා ගොඩක් කාර්යබහුල වෙන්න නම් කැමති නැහැ. ඒ නිසා දෙවෙනි ඉනිම විතරයි මේ දිනවල භාරගෙන ඉන්නෙ. ඊට අමතරව දෙනුවන්ගෙ ප්රහසනාත්මක ඉදිරිපත් කිරීම් කලාවත් අපිට දැක ගන්න පුළුවන්. ඔහු විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා.