Daily News
Trending

මිෂෙල් යෝගා කරලාලු ඇඟ හදාගන්නේ.




කලා ලෝකයට කාලෙන් කාලේට අලුත් මුහුණු එකතු වීම සාමන්‍ය දෙයක්. ඒ විදියට රංඟනයට එකතු වුණ කෙනෙක් තමයි මිෂෙල් දිල්හාරා කියන්නේ. ඉතින් මෑත කාලයේ රංඟනයට එකතු වුණ මිෂෙල් දිල්හාරා මේ වෙනකොට විශාල රසික පිරිසක් එකතු කරගෙන ඉන්නවා.

හුරුබුහුටියට බොහොම මිත්‍රශීලීව ඉන්න මිෂෙල්ට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ආදරය කරනවා කියලා තමයි අපට ආරංචි වුණේ. මිෂෙල්ගේ සාමාන්‍ය දින චරියාව ගෙවෙන්නේ කොහොමද කියලා ඇය පසුගිය දවසක කියන අතරේ පුරුද්දක් විදියට ඇය කරන දේවල් ගැනත් ඇය කියලා තිබුණා.ව මිෂෙල් හැමදාම පුරුද්දක් විදියට කරන දෙයක් තමයිලු උදේට අවදිවෙලා ටික වෙලාවකින් යෝගා කරන එක. කාලයක් පුරාවට ඇය මේක පුරුද්දක් විදියට කරනවලු. සමහරු ඉතින් කියන්නේ ඇය සිහින්ව සිරුරෙ හැඩය පවත්වාගෙන යන්නේ යෝග කරලා කියලලු.

ඒ වගේම තමයි මිෂෙල් හැමදාම ටික වෙලාවක් භාවනා කරන්නත් අමතක කරන්නේ නැහැලු. මිෂෙල් වගේ තරුණ කෙනෙක් භාවනා කරනවා කියලා අද කාලෙ අහන්න ලැබෙන එකත් පුදුමයි. කොහොමත් මිෂෙල් ටිකක් ආගම දහමට ලැදි කෙනෙක් විදියට තමයි හදුන්වන්නේ. අලුතින් ක්ෂේත්‍රයට ඇවිත් හරි අමුතු විදියට වෙස් පෙරළන නිළියන්ට වඩා මිෂෙල් වෙනස් කෙනෙක් කියලා සමහරු කියන්නේ මේ නිසා වෙන්න ඇති සමහරවිට.

Tags
Show More
Close