GossipsHollywood & Bollywood
Trending

මිෂෙල් බුෂ්ට හොරෙන් දුන්නේ මොනාද?




මිෂෙල් ඔබාම කියන්නේ ලෝකයක්ගේ අවධානය දිනා ගත්ත කාන්තාවක්. ලෝකයේ බලවත්ම රට ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ආදරණිය බිරිඳ වුනේ මිෂෙල්. හැබැයි මිෂෙල්ට ගොඩ දෙනෙක් ආදරය කරන්නේ ඇගේ තියෙන නිරහංකාර ගති ගුණ නිසා.

පසුගියදා මිෂෙල් ගැන අපූරු පුවතක් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ ඇමරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වුන අවස්ථාවේ සිදු වුන සිදුවීමක් නිසා. මිෂෙල් ඔබාමා වාඩිවෙලා ඉඳපු පුටුවට එහා පුටුවේ වාඩි වෙලා හිටියේ හිටපු ජනාධිපතිවරයෙක් වුන ජෝර්ජ් බුෂ්. හිටපු ගමන් මිෂෙල් යමක් ගුලි කරලා බුෂ්ගේ අතට දීලා තියෙනවා. බුෂ් හිනා වෙලා ඒක අරගෙන කටේ දාගෙන තියෙනවා. ආයෙත් ටික වෙලාවකින් මිෂෙල් බුෂ්ට පෙර වගේම අතට යමක් දීලා තියෙනවා. මේක බුෂ්ගේ බිරිඳ දැක්කම ඔහු ඒක ඇයටත් දීලා තියෙනවා.

මේ විදියට අවමඟුල් උත්සවයේ මේ දෙන්නා හුවමාරු කරගෙන තියෙන්නේ මිෂෙල් ගෙදරින් ගෙනාපු චොකලට් වගයක් කියලා තමයි පසුව මාධ්‍ය වාර්තා කරලා තිබුණේ.

Tags
Show More
Close