GossipsHollywood & Bollywood
Trending

මියගිය මයිකල්ට ලිංගික අපචාර චෝදනා…




මයිකල් ජැක්සන් මිය ගියේ 2019 ජුනි 25 වැනිදා. ඒ මරණය අදටත් නොවිසඳුන ප්‍රෙහේලිකාවක්. පොප් රජුන් ලෙස අදටත් කිරුළ පැළඳ සිටින මයිකල් ජැක්සන් සම්බන්ධයෙන් අසන්න ලැබෙන පුවත්වලද වෙනසක් නැහැ. ඔහුගේ මරණය සම්බන්ධයෙන් මෙන්ම පෞද්ගලික ජීවිතයේ යම් යම් තොරතුරු සම්බන්ධයෙන් අදටත් කටකතා පැතිරෙනවා.

ඒ ආකාරයෙන් පැතිරෙන පුවතක් සම්බන්ධයෙන් මේ දිනවල ලොව පුරා අවදානය යොමුවෙලා තියෙනවා. සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් තමන්ට දීර්ඝ කාලයක තිස්සේ ලිංගික අතවර කළ බවට තරුණයන් දෙදෙනකු චෝදනා කරනවා. මෙහෙම චෝදනා කරන්නේ 36 හැවිරිදි වේඩ් රොබ්සන් සහ හතලිස් හැවිරිදි ජේම්ස් සේන්චක් විසින්. වසර ගණනාවක් තිස්සේ මයිකල් ජැක්සන් ඔවුන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බව බවසන මේ තරුණයන් දෙදෙනා මයිකල් ජැක්සන් සමඟ සිටින ඡායාරූප කිහිපයක් ද මාධ්‍යයට ඉදිරිපත් කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මයිකල් ජැක්සන් ගේ පවුලේ උදවිය නම් පැවසුවේ මේ චෝදනා මුළුමනින්ම අසත්‍යයි කියලා. ඒ වගේම මේ චෝදනා සම්බන්ධයෙන් කිසිම සාක්ෂියක් හෝ පදනමක් නැති බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් ඉතින් චෝදනා කරන තරුණයින් දෙදෙනා නම් මේ බව තරයේම කියා සිටිනවා.

මයිකල් මුලින්ම විවාහ වුණේ අද්විතීය පොප් ගායක එල්විස් ප්රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි ප්රෙස්ලි සමග. නමුත් එම විවාහ දිවිය පැවතුණේ වසර දෙකක් වැනි කෙටි කාලයක් පමණයි. කළු ජාතිකයකු ලෙස උපන් මයිකල් ජැක්සන් පසුව ප්ලාස්ටික් සැත්කම් කිහිපයකට මුහුණදෙමින් ඔහුගේ සිරුරේ හැඩය සහ වර්ණය වෙනස් කරගන්නවා. මේ සම්බන්ධයෙන් ද ඒ දවස්වල විවිධාකාරයේ පුවත් මැවෙන්නට වුණා.

කොහොම වුණත් කිසිම චෝදනාවකට වැරදිකරු කරන්න දැන් ඔහු ජීවතුන් අතර නැහැ. හැම මනුස්සයෙක්ගෙම් සුදු චරිතයක් වගේම කළු චරිතයකුත් තියෙනවා. මේ නිසා මේ චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමසන්නත් වටිනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close