Daily News
Trending

මියගිය අනුෂ්ක යළි උපදී.




අනුෂ්ක උදාන කියන්නෙ ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යයේ අතිශය ජනප්‍රිය නමක්. අනුෂ්ක, වස්ති කියන කණ්ඩායමේ කෙනෙක්.
සමාජ ජාලා මාධ්‍යයේ පුළුවන්නෙ හරි ඉක්මනට ඕනම කෙනෙක්ව මරන්න. මේ ළඟදි එහෙම කීප දෙනෙක්ම මැරුණා. ඒ අතරින් කෙනෙක් තමයි අනුෂ්ක.
අනුෂ්ක මියගියා කියන රාවය පැතිරුනේ ඔහු ඩෙංගු උණ රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටි කාලයෙදි. කොහොම වුණත් දැන් නම් ඔහුට හොඳටම සනීපයි. සනීප වෙලා ෆේස්බුක් පැත්තෙ ආපු අනුෂ්ක තමන් මිය ගියා කියලා පළවුණ පෝස්ට් එකකට මෙන්න මේ වගේ කමෙන්ට් එකක් පළකරනවා.

” හම්මට, මම මැරිලා ”

ඒ වගේම අනුෂ්ක තමා වෙනුවෙන් මහන්සි වුණ රෝහල් කාර්ය මණ්ඩලයට වගේම ඇඩ්මින් වරුන්ටත් සහෝදර හිතවතුන්ටත් ස්තූති කරලා පෝස්ට් එකක් පළකරන්නත් අමතක කරන්නෙ නැහැ. සතියක් ඇතුලත මාස දෙකක වස්ති අඩුව සම්පූර්ණ කරන බවටත් අනුෂ්ක ෆේස්බුක් සටහනකින් පොරොන්දු වෙනවා.

Tags
Show More
Close