
Viraj perera Exclusive from Starfriends.lk
කවුද සිල්ලර සමනල්ලු බලන්නේ. එහෙම කියලා බලන අය අත උස්සන්න කියලා නම් වැඩක් නෑ. මොකද එහෙම අත ඉස්සුවත් අපිට පේන්නෙ නෑනේ. ඒ හින්දා ඒක වැඩකුත් නෑ. කොයි හැටි වෙතත් සිල්ලර සමනල්ලු එක්ක පියාඹන අය නම් දන්නවා කතන්දරේ විස්තරේ. සමහරු මේ ඩ්‍රාමා එක මුල ඉඳලාම බැලුවා. තවත් සමහරු මැද හරියේ ඇඳලා බලන්න පටන් ගත්තා. තවත් සමහරු නම් මුල ඉඳලා දිගටම බලන්න සෙට් උනා. සිල්ලර සමනල්ලු එහෙමයි ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. අන්න ඒකයි සිල්ලර සමනල්ලු කතාව ඉවර කරලා ආයෙමත් පටන් ගත්තේ සිල්ලර සමනල්ලු 2 දඩයම් බඹරැ කියලා. එහෙමයි කතා හැදෙන්නේ. මේ කතාවේ චරිත නම් හැට හුටහමාරක් තියෙනවා. එකින් එක කතා කරන්න ගියොත් නම් වෙන වැඩක් කර ගන්නවත් බැරි වෙනවා. ඒ හින්දා අපි, අපිට අදාල චරිතය ගැන විතරක් කතා කරමු. ඉතින් මෙයා තමයි විරාජ් පෙරේරා . ඩ්‍රාමා එක බලපු අයට හොඳට මතක ඇති මුල්ම කාලේ ඉඳන් සිල්ලර සමනල්ලු එක්ක හොඳට පිස්සු නටපු චරිතයක් තමයි මෙයා.
මේ දවස් වල විරාජ්ට වැඩ කීපයකටම ආරාධනා ලැබුණත් ඒවා නම් තවමත් සාකච්ඡා මට්ටමින් තමයිලු තියෙන්නේ. ඒත් කවදා හරි දවසක සිනමාවට එන්න තියෙන ආසාව නම් කොහොමවත් නැතිවෙලා යන්නෙ නෑලු. වැඩි වැඩියෙන් කියනවනම් විරාජ් මැරෙනකන්ම රඟපානවලු. ලංකාවේ කලාවට කවුරු ආවත් සමහර අයට ඕන එක රැයෙන් ජනප්‍රිය වෙන්න වගේම තරුවක් වෙන්න. ඒත් විරාජ් කියන විදිහට එයාට එහෙම උවමනාවක් නෑලු. එයාට ඕන චරිතාංග නළුවෙක් වෙන්නලු. ඒ කතාව එහෙම තියලා අපි බලමු දැන් මේ කතාකරන්න යන කතාව ගැන. ඇත්තද මේ කතාව?.. මොකක්ද..? විරාජ් දිගට හරහට මිනිස්සුන්ගෙන් බැණුම් අහනව කියන්නේ. අපොයි ඔව්. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. විරාජ්ට මිනිස්සුන්ගෙන් බැනුම් කෝටියයි. සමහරු තිරිසනා කියළත් බණිනවාලු. ඒකත් ඉතින් ලේසි නෑ නේද.? කවුරුවත් මොකටද කාගෙන්වත් බැනුම් අහන්නේ. ඒක නම් ඉතින් කවුරු කරත් සවුත්තු වැඩ.
ඒ තරමට මොකක්ද මේ මනුස්සයාට බනින්න තියෙන කාරණාව. අපි හොයල බැලුවා ඒකත්. බනින්නෙ නම් නීලපබළු ඩ්‍රාමා එකේ දයාන්ගේ චරිතය නිසාලු. විරාජ් කියන්නේ ඒ තරමට මේ චරිතය එයා හොඳට රඟපෑවා කියලා.
ඒ කතාව එහෙම තියෙනකොට වෙන කතාවක් මෙන්න මෙහෙම ඇහෙනවා. විරාජ්ට අලුත් ජොබ් එකකුත් ඔන්න පටලැවිලා. ළඟදි දවසක ස්වර්ණවාහිනීයෙන් මෙයාට කතා කරලා තිබ්බා program එකක නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා. ඒකයි මෙයා නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙනවාය කියන්නේ. කොහොම වුණත් විරාජ් නම් කියන්නේ නිවේදනය කියන එකට පොඩි කාලේ ඉඳල එයා මාරම ආසයි කියලා.
Viraj perera Exclusive from Starfriends.lk