Daily News
Trending

මිනිස්සුන්ගෙ ප්‍රශ්න ශ්‍රීමාලිගෙ ප්‍රශ්න නෙවෙයිලු – ශ්‍රීමාලි ෆොන්සේකා




නොබලන teledrama අනන්තවත් තියෙනකොට මිනිස්සුන්ට බලන්න පුලුවන් teledrama එකක් හදනවා කියන්නේ ලේසි පහසු සෙල්ලමක් එහෙම නෙවෙයි. අන්න ඒ හින්දා තමයි අවුරුදු 18ක් විතර කරපු experiment එකක ප්‍රතිඵලයක් විදියට දෙරණෙ telecast වෙන ‘රාවණා’ටෙලිය කරන්න තීරණය කරලා තියෙන්නේ. ටෙලි කරාට වැඩක් නෑනෙ ඉතින් ඒකට හරියන සෙට් එකකුත් නැත්නම්. අන්න ඒක නිසා තමයි ඒ ඒ characters වලට හරියනම කෙනා තෝරගෙන වැඩේ ගොඩදාලා තියෙන්නෙ. රාවණා ටෙලියෙ කේතුමතී රැජින කියන්නෙත් ලේසි පහසු චරිතයක් නෙවෙයි. කතාවෙ හැටියට නම් එයාට ළමයි පහලොස් දෙනෙක්ම ඉන්නවා. ඉතින් කොහොම හරි මේක කරන්න තෝරගත්ත කෙනා තමයි ශ්‍රීමාලි ෆොන්සේකා. එයා කියන විදියට මේ චරිතයට නම් සෑහෙන ප්‍රතිචාර තියෙනවාලු. පහුගිය අවුරුද්ද පුරාම ඒක එක විදියටම ලැබුණාලු.

කොහොම වුණත් ශ්‍රීමාලිව වැඩිපුර Drama වල එහෙම දකින්න ලැබෙන්නෙ නෑ. එයා ගැන වැඩිපුර කතාබහක් ඇති වෙන්නෙත් නෑ. ඒ ගැන නම් ඉතින් ශ්‍රීමාලිට ගානක්වත් නෑ. එයා කියන්නෙ එයාගෙ තියෙන බිස්නස් කරගෙන එයා ඉන්නවලු. දැන් තියෙන සිස්ටම් එකේ විදියට නම් වෙන්නේ Drama එක එන්නත් ඉස්සරවෙලා නිලියව පුම්බන එකලු. ශ්‍රීමාලි දැන් හුදකලාවේ ජීවත්වෙන චරිතයක්. ඉතින් කොහොම හරි එයා තනියෙන් ජීවත්වෙන එක ගැනනම් කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. තනියෙන් ජීවත්වෙන එක හොඳයිලු. ඒකට එයා කැමතියිලු. එයා තනියෙන් ඉන්න එක වෙන කාටහරි ප්‍රශ්නයක් නම් එයාට ඒකට කරන්න දෙයක් නෑලු. සමාජයටම එයා තනියෙන් ඉන්න එක ප්‍රශ්නයක් උනාට ශ්‍රීමාලිට නම් ඒක එයාගෙ ප්‍රශ්නයක් නෙවෙයිලු. අනුන්ගේ ප්‍රශ්න තමන්ගෙ කරගන්න ගියාම ඒ වගේ දේවල් වෙනවා. ඒත් ඉතින් සමහරු ප්‍රශ්න විසඳන්න යනවා වගෙ ඉඳලා අනුන්ගේ දේවල්නෙ හොයන්න පටන්ගන්නේ. සමහරවිට ශ්‍රීමාලි අන්න එ් ටික කියන්න ඇත්තෙ ඒ ගොල්ලන්ට වෙන්නත් ඇති.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close