
කලා පවුලකින්ම පැවත එන ධනංජය රංඟනයට හිමිකම් කියන්නේ උපදින්නත් කලින්ම කීවොත් හරි. හැබැයි අයියා මදුමාදවගෙන් පස්සේ තමයි මල්ලි ධනංජය රංඟනයට එකතු වෙන්නේ.
දැන් ධනංජය රංඟනයට එකතු වෙලා වසර ගණනාවක් වෙනවා. අහිංසක පෙම්වතාගේ ඉඳන් නපුරු දුෂ්ටයා වෙනකම් ධනංජය රඟපෑ චරිත අසීමිතයි. මේ දිනවල අපිට ඔහු මුනගැහෙන්නේ වෙනස්ම චරිත කිහිපයකින්. මේ තරම් ඉක්මනට චරිත වලට මාරුවීමේදී වැඩිපුරම සහය වෙන්නේ ඔහුත් එක්ක රංඟනයෙන් එකතු වෙන සෙසු චරිත කියලා තමයි ඔහු කියන්නේ.
කොහොම උනත් රංඟනය ගැන කතා කරද්දී ධනංජය කියන විදියට ඔහුට ලැබුන චරිත තියෙන්නේ සීමිත ප්‍රමානයක්ලු හැබැයි නොලැබුනු චරිත අප්‍රමානයි කියලා තමයි කියන්නේ. තව කාලයක් ඉන්න කොට සමහර විට ඒ නොලැබුනු චරිත ලැබෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් මම මැරෙනකම් රංඟනයේම ඉන්න අදහසක් නැහැ. ඊට වඩා දේවල් ගැන අදහසක් තියෙනවා මගේ. ඒ වගේම අලුත් පිරිසක් මේ ක්ෂේත්‍රයට එකතු කරන්න ප්‍රාන හරහා උත්සහා කරනවා කියලා තමයි ධනංජය කිවේ.