
මාෂි සිරිවර්ධන මේ දිනවල හැම තැනකම වගේ පේන්න ඉන්නවා. පුවත්පත් කවර,දැන්වීම්,විලාසිතා නිරූපණ ආදී බොහෝමයක් වල පේන්න ඉන්නේ මාෂි. ජනප්‍රිය රංඟන ශිල්පී පුබුදු චතුරංග එක්ක තමයි මාෂි විවාහ වුනේ. ඇගේ ජනප්‍රියතාවයට පුබුදු මූලික වුනා කිව්වොත් හරි ඉතින්.
මේ වසරේ ජනප්‍රියම විවාහය වුනේ පුබුදු මාෂි විවාහය. ඇය පසුගියදා ඇගේ අලුත් ජීවිතේ විස්තර කියලා තිබුනා. මේ වෙන කොට මාෂි ඇගේ අධ්‍යාපන කටයුතු ඉවර කරන්න බලාපොරොත්තුවෙන් වැඩ කරනවලු. ඒ ගමන් රංඟන කටයුතු වලත් නිරත වෙනවලු. මේ වෙනකොට ඈ රඟපාපු සිනමා චිත්‍රපට දෙකක් ඉස්සරහට එන්න තියෙනවලු. මේ තරම් කාර්යබහුල වෙද්දී ගෙදර වැඩ කරන්නේ කොහොමද කියලා ඇහුවම ඈ කියලා තිබුනේ පුළුවන් හැම වෙලාවේම ගෙදර වැඩ කරනවා කියලා.
උදේට මාෂි කැම්පස් යන්න කලින් උදේ කිරි එකත් කෑම එකත් හදලා දෙන්නේ පුබුදුලු. අනිත් වෙලාවට නම් දෙන්නම එකතු වෙලා උයනවලු. ඉතින් බොහෝම ආදරණීය ජිවිතයක්ලු මේ දෙන්නා ගත කරන්නේ. මාෂිගේ පෙර පිනකට තමයිලු පුබුදු හම්බවුනේ කියලා තමයි ඇය කියන්නේ.