Daily News
Trending

මාධවට වතුර පේන්න බැරි හේතුව…




මාධව විජේසිංහට වතුර පේන්න බැහැ කියල අපිට ආරංචියක් ආවා. ඇත්තටම ඒ ඇයි කියලා හොයලා බැලුවමයි දැනගත්තේ මාධවට වතුරපාරක් දැක්ක ගමන් හැදෙන අමුතු රෝගයක් ගැන.

මේ රෝගය පුංචි කාලේ ඉඳලම මාධවට වැළඳිලා තියෙන එකක්ලු.

මාධවට වතුර දැක්ක ගමන් හැදෙන රෝගයේ ලක්ෂණ මෙහෙමයි. ගලායන දොළ පාරක්, වැවක් පොකුණක් වෙන්න ඕනෙ නෑ පිරිසුදු වතුර ගලන කාණුවක් දැක්කත් මාධවට ඒකට පැනලා නාගන්නකල් ඉවසුමක් නෑලු. මේ රෝගය කොයි තරම් උස්සන්නයිද කියනවා නම් මළගෙදරක මගුල් ගෙදරක යන අතරමගකදි දොළපාරක් දැක්කා කියලා හිතන්නකො. මාධව එයා එක්ක ඒ ගමන යන්න කවුරු එකතුවෙලා හිටියත් යුද ප්‍රකාශ කරලා තමනගේ අරමුණ ඉෂ්ට කරගන්නවලු. මගුල් ගෙදර යන්න ආපු ඇඳුම් පිටින්ම වුණත් මාධව වතුරට පනිනවලු. මේ කරදරේ නිසා මාධවගේ අම්මා එයා එක්ක යන ගමන් වලදි අමතර ඇඳුම් කීපයක් අරගෙන යනවලු.

බැරිවෙලා හරි මාධවගේ ජලස්නානය කිරීමේ වුවමනාවට ඇහුම්කන් දුන්නෙ නැතොත් එක දිගට හූ තියලා බෙරිහන් දෙන එකලු මාධව කරන්නෙ.

දැන් කරදඬු උස්මහත් වෙලා හිටියට අදත් දොළ පාරක් දැක්කොත් මාධව නළියනවාලු. මේ නිසා මාධව එක්ක යන ගමන් වලදි “බහින්න එපා. අනතුරු සහිතයි” කියලා බෝඩ් ගහපු වැව් පොකුණු ළඟදි යාළුවෝ මාධව දිහා ඇහැගහගෙන ඉන්නවලු.

Tags
Show More
Close