
අනේ මන්දා මාධව විජේසිංහ මේ මොනවා කරනවද කියලා. ඔන්න දැන් පැකේජ් කියලා අමුතු කොමඩි වගේ ඩ්‍රාමා එකකට සම්බන්ධ වෙලාලු. මේක කොමඩියක්ද නැද්ද කියන්න දන්නෙත් නෑ හැබැයි. මොකද වැඩේ තවම පටන්ගත්තා විතරයිනේ. තේමා ගීතයයි ඉන්න සෙට් එකයි දිහා බැලුවම නම් මේක ඉල ඇදෙන්න හිනාවෙන්න වගේම ඕන නම් අඬන්නත් පුළුවන් කතාවක් වගේ.
දැන් මාධව විතරද මේකෙ ඉන්නෙ. නෑ නෑ… තව හෙන සෙට් එකක් පැකේජ් එක්ක ඉන්නවා. ගිරිරාජ් කෞෂල්‍ය, කුසුම් රේණු, මාධනී මල්වත්ත,සුදර්ශන බණ්ඩාර, ශෙහානි කහඳවල, පියුමි බොතේජු,මැණික් විජේවර්ධන, ගිවන්ත අර්ථසාද්, බුද්ධික සේමසිංහ, අමිත්ත වීරසිංහ, අජිත් ලොකුගේ, හෂිනිකා කරලියැද්ද, නෙතලි නානායක්කාර…. බුදුඅම්මෝ කවුද මේකෙ නැත්තෙ අප්පා…
පැකේජ් කියන්නේ මේ වගේ නළු නිළි රැසකගේ පැකේජ් එකක්. පැකේජ් අධ්‍යක්ෂණය කරන්නේ කවුරුත් දන්න අඳුරන සුදර්ශන බණ්ඩාර.
සතියේ දිනවල රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියෙන් පැකේජ් එකට සෙට් වෙන්න ඔන්න දැන් ඔයාලටත් පුළුවන්. ඇත්තටම මේක මොන විදිය වැඩක්ද කියලා තවම හිතාගන්න බැහැ. සුදර්ශනගේ වැඩක් නිසා ඒක හොඳ වැඩක් වෙන්න ඕනේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. පැකේජ් එකට සෙට්වෙලාම ඉතුරු හරිය කතා කරමු.