
බොරු කටකතාවක් නිසා මහේෂි මධුශංකාට ටිකක් කේන්ති ගිහිල්ලලු ඉන්නේ. මහේෂි මේ කේන්තියට හේතුව ඈ සමාජමාද්‍ය හරහා තම රසිකයින්ට කියලා තිබුණේ මෙන්න මේ විදියට.
මහේෂි මධුශංකාත් ටනාශා සතරසිංහත් පසුගියදා සිංගප්පුරුවට ගිහින් තියෙනවා.සමහර අයනම් කියන්නේ රජයේ ඉහළ නිළධාරියෙක් මේ දෙන්නා එක්ක ගියා කියලා. කොහොම වුනත් කතාව මේකයි. ඒ යන අතරතුර ඔවුන් එතන හදුනන ඉහල නිලදාරියෙක් සමග ගුවන් යානයේ පාලක මැදිරියට ගිහින් තියෙනවලු.එහෙම පිට අයට පාලක මැදිරියට යන්න තහනම්ලු. මේ නිසා මගීන්ගෙ ජීවිත අනතුරේ හෙලුවා කියලා මිනිස්සු මහේෂිටත් ටනාශටත් චෝදනා කරලා තියෙනවා.
ඉතින් මේ කතාවට කේන්ති ගිහින් තමයි මහේෂි බැනලා සටහනක් දාලා තිබුණේ. ගුවන් කාර්‍ය මණිඩලයේ තමන්ගේ රසිකයින් හිටිය නිසා මේ අවස්ථාව ලැබුණා කියලා තමයි මහේෂි කියන්නේ. මේ අවස්ථාව අදුරන අය ඉන්නවනම් ඒ අයටත් ලැබෙන බවත් ඔවුන් එහෙම අවස්ථා ලැබුණ පළවෙනි පිරිස නොවෙන බවත් තමයි මහේෂි කියලා තියෙන්නේ. එමෙන්ම ඔවුන් දෙදෙනා රටට කැලලක් වෙන කිසිම දෙයක් සිදු නොකල බව මේ සටහනට එකතු කරලා තිබුනා.
අද වෙනකොට ටනාෂා සිංගප්පුරුවේදි අරගෙන ඉන්ස්ට්‍රග්‍රෑම් දාපු ඇගෙ ඡායාරූප පවා ඉවත් කරගෙන. ඒ වගේ එක්තරා පිරිසක් කියනවා අද හෙටම මේ දෙන්නා නටපු නැටුම් වල වීඩියෝව අන්තරජාලයට එකතු කරනවා කියලා.