
වොල්ගා කල්පනී කියන්නේ රංඟන ක්ෂේත්රයේ ඉන්න අහිංසකම නිළියක් කියල තමයි බොහෝ දෙනෙක් කියන්නේ. වොල්ගා විවාහ වුනෙත් රංඟන ශිල්පියෙක් වුණ හර්ෂන බෙත්මගේ සමඟ. පසුගිය දිනවල වොල්ගා හර්ෂ ගැන කතා කලේ මේ දෙන්නා වෙන් වෙන්න යනවා කියලා ආරංචි වීමත් එක්ක. හැබැයි මේ කතාව බොරු කියලා තමයි දැන් වෙන දේවල් එක්ක පේන්නේ.
වොල්ගා පසුගිය දවසක ඇගේ අලුත් තොරතුරු ගැන කතා කරලා තිබුණා. වොල්ගා ගොඩක් කාර්ය බහුල වෙන්න කැමති කෙනෙක් නෙමෙයිලු. මේ නිසා හර්ෂන වැඩ බාරගත්තත් ඇය ඒ තරම් වැඩ බාරගන්නේ නැතිලු. ගොඩක් වෙලාවට ඇයට රඟපාන්න කියලා බල කරන්නෙත් හර්ෂනලු. ඇගේ එකම හීනේ ගැනත් මෙහිදී කියලා තිබුණා. ඒ හීනේ තමයි දවසක හොඳම නිළිය වෙන එක.
ඇය රංඟනයෙන් ඉවත් වෙන දවසත් කියලා තිබුණා. ඇය දිනක මව් පදවිය ලැබුණම රංඟනයෙන් ඈත් වෙනවලු. හැබැයි ඒ හැමදාටම නෙමෙයි ටික කාලෙකට කියලා තමයි ඇය කියලා තිබුණේ. ඒ වගේම වොල්ගාට ගොසිප් හැදෙන්නේ නැත්තේ ඇය ජනප්රියතාවය පසුපස යන්නේ නැති නිසා කියලා තමයි ඇය කියලා තිබුණේ.