
කනිෂ්ක වැනි ආධුනිකයන්ට දෙනුවන් ඉතාම මිත්‍රශීලීව සංග්‍රහ කරනවාලු. අඩුපාඩු හදාගන්න ඔහුගෙන් ලැබෙන සහයෝගය කනිෂ්ක ඉතා ඉහලින් අගය කරලා තිබුණේ පුවත්පත් සාකච්ඡාවක දි. දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ලැබුණ ජනප්‍රියත්වය නිසා මයික් සහ චබීට විදෙස් සංචාර සඳහා ද ආරාධනා ලැබුණා. මේ අවස්ථා හරිම විනෝදජනක බව කනිෂ්ක සිහිපත් කරනවා. දවසක් දෙනුවන් එක්ක නිදාගන්න ගිහින් කනිෂ්කට මුළු රෑම අවදියෙන් ඉන්න සිදුවුණාලු. හේතුව තමයි දෙනුවන් එක දිගට ගොරවන එක.
මේ දවස්වල දෙනුවන්ට සහ කනිෂ්කට තිබෙන විශේෂ ආශාවක් ගැන අපිට දැනගන්න ලැබුණා. මේ ගැන කියලා තිබුණෙත් කනිෂ්කම නිසා බොරුවක් වෙන්නත් බැහැ. දන්නවාද වැඩක්? කනිෂ්කවයි දෙනුවනුයි දැක්කාම ඌරෝ බයවෙලා දුවන්න ගන්නවා ලු. මේකට හේතුව මොකක්ද දන්නවාද? මේ දවස්වල දෙන්නාම ඌරු මස් කන්න පුදුම ආසයිලු. ඉතින් ඌරොන්ට මයික්වයි චබීවයි පේන්න බැහැලු.
කනිෂ්ක නම් කියන්නේ දෙනුවන්ට ටිකක් කේන්ති යනවා කියලා. ඒ වුණාට හරිම ආදරණීය චරිතයක් බවත් ඔහු කියනවා. සාමාන්‍යයෙන් දෙනුවන් කිව්වාම අපිට මතක්වෙන්නේ ජීවිතය ගැන මෙලෝ හසරක් නොහිතන සරල සැහැල්ලු පොරක් කියලානේ. ඒත් සැබෑ ජීවිතයේ දී දෙනුවන් වගකීම් සහගත චරිතයක් බව කනිෂ්ක හෙළි කරනවා.