Daily News
Trending

මම හිත හදාගත්තේ මට ගහපු ගල් වලින්මයි.




මේ දවස්වල ශලනිව නිර්මාණ කීපයකින්ම අපිට මුණගැහෙනවා. මිතූ, හරස්පාර, ඒක දිග කතාවක්, කෝටිපතියෝ වගේ කිහිපයකම ශලනි ප්‍රධාන භූමිකාව නිරූපනය කරනවා. ඒ වගේම පහුගිය දවස්වල ශලනි රඟපෑමෙන් ටිකක් ඈත්වෙලා හිටියේ. ඒ නිවේදන කටයුතු වලට සම්බන්ධ වීම නිසා. ශලනි මේ හැමදේම අතරේ ගීත රචනයට පෙලඹෙනවා. ඒ හිත හදාගැනීමේ උපක්‍රමයක් විදියට. එහෙම ලියපු ගීතයක් නිරෝෂාගේ හඬින් ගායනා කළානේ. ඒ ගීතය ගීත දර්ශකවල අංක එකට එනවා. පළමු ගීතය හුඟක් ජනප්‍රිය වෙච්ච නිසා ශලනි දෙවැනි ගීතයටත් අතගහනවා. ඒකත් ළඟදිම ඔයාලට අහන්න ලැබේවි පහුගිය කාලේ ශලනි හිටියේ හුඟක්ම කලකිරීමෙන්. ජීවිතේ ප්‍රශ්න ආපු හැම වෙලාවෙම මානසිකව වැට්ටුවේ ළඟින් හිටපු මිනිස්සු. ඇත්තටම මිනිස්සු කවුද කියලා අඳුනගන්න පුළුවන් වෙන්නෙ ප්‍රශ්නයක් ආවම තමයි. ශලනි කියන්නේ එහෙම. ඉස්සර ශලනිට යාළුවො ගොඩක් ඉන්නවා. ඒත් දැන් ඉන්නේ බොහෝම ටික දෙනයිලු. ඇත්තම යාලුවො කවුද කියලා අඳුනගත්ත නිසා ගොඩක් අය ඈත් කරන්න හැකිවෙනවා. සාරංග, ඩිනක්ශිලා, කාවිංග, හේමාල් වගේ යාලුවො අතලොස්සක් තමයි ශලනිගේ ළඟින්ම ඉඳලා තියෙන්නේ. මිනිස්සු මඩ ගහන්න ගහන්න ශලනි ශක්තිමත් වෙනවා. ශලනි කියන විදියට එයා එයාගේ හිත හදාගන්නේ එක එක අය ගහපු මඩ වලින්ම තමයි.

Tags
Show More
Close