GossipsHollywood & Bollywood
Trending

මම සමලිංගික චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. -කරන් ජෝහාර්

Karan Johar




Karan Johar Exclusive from Starfriends.lk

ඔහු බොලිවුඩ් සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සිනමා නිර්මාණවල අධ්‍යක්ෂවරයා. බොලිවුඩ් නළු නිළියන් තරමටම කරන් ජෝහාර් ද සුප්‍රසිද්ධයි. ඔහු මෙහෙයවන කොෆි විත් කරන් වැඩසටහන දෙස් විදෙස් රසිකයින් අතර අතිශයින් ජනප්‍රියයි.

නමුත් කරන් ජෝහාර් සම්බන්ධයෙන් විවිධ චෝදනා කටකතා පළවෙනවා. වරක් ඔහු කන්ගනා සමග පවා ප්‍රශ්න ඇතිකරගන්නවා. කරන් සමලිංගිකයකු බවට වන චෝදනාව ඉන්දියාවේ ලැව් ගින්නක් සේ පැතිර යන කටකතාවක්. ඔිනෑම කෙනෙක්ට තමන්ගේ ලිංගික හැඟීම අත් විඳින්න නිදහස තියෙනවා. ඒත් රටේ නීතියට ගරු කරලා සහමර දේවල් පාලනය කරගන්නත් සිදු වෙනවා.

කරන් ප්‍රසිද්ධ මාධ්‍යයට මේ දේවල් වසන් කරන්නේ නීතියම තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙයි කියන බයට. ˝අපි වගේ සංස්කෘතියක් තියෙන රටක සමලිංගිකයන්ව නොහොබිනා අසික්කිතයන් සේ භාරගන්නා නිසා මම මේ කතාව ප්‍රසිද්ධියේ පිළිග‍න්නේ නැහැ˝ සමාජ සාරධර්මයට හිස නමලා කරන් එහෙම කියනවා. කෙසේ වුවත් කරන්න ජෝහාර් තමන් සමලිංගිකයෙක්ද කියන කාරණාව කිසිම අවස්ථාවක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කරන් කැමැති නැහැ මේ දේවල් නිසා හිරේ විලංගුවේ වැටෙන්න. දැනටමත් කරන්ට මේ ප්‍රශ්න නිසා නිර්ණාමික ඇමතුම්, තර්ජන ගර්ජන, චෝදනා අනන්තවත් අහන්න ලැබෙනවා ලු.

කරන් මේ ෆීල්ඩ් එකට එන්නේ නළුවෙක් විධියට. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ බොලිවුඩයේ එතෙක් මෙතෙක් බිහි වූ අතිෂයම ජනප්‍රිය චිත්‍රපටය සේ සැළකෙන කුච් කුච් හෝතා හේ. ඒ සඳහා ඔහු හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පවා දිනාගන්වා. කරන් ඔහුගේ චිත්‍රපට බොහොමයකට ශාරුක්ව සම්බන්ධ කරගන්නේ ඔහුත් සමඟ සමලිංගික සබඳතාවක් ඇති නිසා බවට ක්ෂේත්‍රයේ කටකතාවක් පැතිර ගියා.

වරක් කරන් මෙහෙයවන කොෆි විත් කරන් වැඩසටහනට රාජ් කුමාර් රා ඔි සම්බන්ධවෙලා තිබුණා. කරන් ඔහුගෙන් අහනවා සමලිංගික චරිතයක් නිරූපනය කරන්න ලැබුණොත් ඔබ ඒ සඳහා තෝරා ගන්නා නළුවා කවුද කියලා. රාජ් කුමාර් කරන්ට කට උත්තර නැති කරමින් පවදා තිබුණේ ඊට වඩාත්ම සුදුසු කරන් ජෝහාර්ම බව.

Karan Johar Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close