Daily News
Trending

මම දැන් අංග සම්පූර්ණයි – මහේෂි මධුෂංකා




ජීවිතය ලස්සනයි චිත්‍රපටයෙන් සිනමාවට ආපු මහේෂි ඊට පස්සේ නවතින්නෙ පුංචි තිරයේ. කොහොම වුණත් මහේෂි ඉක්මනින් ජනතාව අතර නමක් දිනාගන්නවා. මහේෂි කියන විදියට දැන් එයා අංගසම්පූර්ණයි. මොකද රංඟන ශිල්පිනියකට ලැබෙන්න ඕනෙ නිසි ගෞරවය ඇයට ලැබෙනවා. ඒ වගේම ඇය දැන් විවාහක බිරියක්. කොහොම වුණත් මහේෂිට සිනමාව මගහැරෙනවා. ඒකට වරදකාරයත් මහේෂිම තමයි. මොකද මහේෂි, ටෙලිනාට්ය සඳහා එක දිගට ලැබුණ ආරාධනා භාරගත්තා මිසක සිනමාව ගැන හිතුවෙ නැහැ. මේ නිසා මහේෂිට සිනමාව වෙනුවෙන් වෙන්කරන්න කාලයක් තිබ්බෙ නැහැ. වරක් වී.සිවදාසන් අධ්යක්ෂණය කරන චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කියලා මහේෂිට ආරාධනාවක් ලැබෙනවා. ඒත් මහේෂිට ඒ අවස්ථාව මගහරින්න සිදුවෙනවා. මොකද කාලය කලමණාකරණය කරගැනීමේ ගැටලු නිසා.

Tags
Show More
Close